උතුරේ සංචාරයක නිරත වූ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ කොළඹ පිහිටි මූලස්ථානයේ ප්‍රධානි ඉර්ෆාන් සුලෙජමනී මහතා සහ වව්නියාව ශාඛාවේ ප්‍රධානි පැට්රික් මොරින් මහතා ප්රමුඛ නියෝජිතයින් පිරිසක් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ සංචාරයක නිරත වූහ. එහි දී මුලතිව් ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස්. විතානගේ ද හමු වූ එම පිරිස මානුෂීය ක්‍රියාකාරකම් තම සංවිධානයේ කාර්යභාරය ඇතුළු කරුණු පිළිබඳ ව කතාබහ කළහ.
මෙම ප්‍රදේශවල ජීවත්වන ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සහ එම කටයුතුවල උන්නතිය වෙනුවෙන් සෙබළුන්ට දැක්විය හැකි දායකත්වය පිළිබඳව ද සාකච්ඡා කෙරුණි. මෙම සුහද හමුවෙන් අනතුරුව එය සිහිවීම පිණිස සමරු තිළිණයක් ද මුලතිව් ආඥාපතිතුමා විසින් රතුකුරුස නියෝජිතයින් වෙත පිළිගැන් වූ අතර, ඔවුන්ගේ මෙම පැමිණීම පිළිබඳව සිය ප්‍රසාදය ද පිරිනමන ලදී.