සැතපුම් ගණනක් පයින්ම ඇවිද ගොස් කටුක අත්දැකිම් රැසක් හමුවේ ලැබූ පාසල් අධ්‍යාපනය අද තමා රසවත්ව සිහිපත් කළත් මතු දරු පරපුරට එම කටුකත්වය උරුම කිරීමට තමා සූදානම් නොමැති බවද ජනාධිපතිතුමා පැවසීය.
එබැවින් නගරයේත්, ගමේත් සියලූ දරුවන්ට සම පහසුකම් ලබාදෙමින් රටේ සියලූ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලැබීමට අවස්ථාව සළසා දෙන බවද ජනාධිපතිතුමා පැවසීය.
ගරු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ, කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයේ 150 වන සංවත්සර උත්සවයට පසුගිය දා එක්වෙමිනි.
විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමාව සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් පිළිගෙන විද්‍යාලය වෙත කැඳවාගෙන යනු ලැබීය.
උත්සව සභාව අමතමින් ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ තමන්ගේ දැණුම, හැකියාව සහ නිපුණත්වය තුළින් දරුවන්ට අනාගතය ජය ගත හැකි අධ්‍යාපනය ක‍්‍රමයක් රට තුළ නිර්මාණය කරන බවයි.
දැණුම කේන්ද්‍ර කරගත් අධ්‍යාපනයක් සේම නිපුණතා අධ්‍යාපනයද ඉතා වැදගත් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා අද ලෝකයේ සංවර්ධනය කරා ගමන් කරන සියලූ රටවල අධ්‍යාපන ප‍්‍රතිපත්තින් සැකසී ඇත්තේ ඒ අනුව බවද පෙන්වා දුන්නේ ය.
1865 වසරේ ඇරඹි කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයේ 150 වන සංවත්සරය නිමිත්තෙන් ශී‍්‍ර ලංකා තැපැල් දෙපාර්තමේන්තුව නිකුත් කළ මුල්දින කවරය සහ සමරු මුද්දරයද මෙහිදි ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
විද්‍යාලයේ 150 වන සැමරුම නිමිත්තෙන් විද්‍යාල භූමියේ ''නා පැලයක්'' රෝපණය කිරීමද ජනාධිපතිතුමා අතින් සිදු විය.
අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන්, හිටපු අගරදගුරු ඔස්වල් ගෝමස් පියතුමන් ඇතුලු පියතුමන්ලාද අමාත්‍යවරුන් පිරිසක්ද විද්‍යාලයේ විදුහල්පති ජනක ෆොන්සේකා මහතා අචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Piru