අද්මිරාල් ධූරයට උසස්වීමක් ලද ශ්‍රී ලංකා නාවික හමුදාපති අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා අද (10) ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් බී.එම්.යූ.ඩී. බස්නායක මහතා මුණගැසිණි. ආරක්ෂක ලේකම්තුමා හා නාවික හමුදාපතිතුමා අතර කෙටි සුහද සාකච්ඡාවක් ද පැවැත්වුණු අතර සාකච්ඡාව අවසානයේදී මෙම අවස්ථාව සිහිපත්වීම සඳහා ආරක්ෂක ලේකම්වරයා හා නාවික හමුදාපතිතුමා අතර සිහිවටන තිළිණ හුවමාරු කර ගැනීම ද මෙහිදී සිදුවිය. NDH/mod