ආරක්ෂක අමාත්‍යංශ ක්‍රීඩාංගණයේ දී විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ විසින් නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පිළිගත් අතර, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සෙබලුන් විසින් ආචාර සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් ද පිරිනැමීය.
හමුදාපති ලේකම් කාර්යාලයට පැමිණි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව තම ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් හදුන්වා දෙනු ලැබීය.
පැවති කෙටි පිළිසඳරේ දී දෙදෙනා විසින් පොදු කරුණු පිළිබඳ ව අදහස් හුවමාරු කර ගත් අතර, මෙම අවස්ථාව සිහිගන්වමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය. අනතුරුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි ද අත්සන් තැබීය.
DB