නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාගරික දුම්රිය පද්ධතිය විදුලිකරණයට පියවර Featured

    ජූලි 10, 2015
    නාගරික දුම්රිය පද්ධතිය විදුලිකරණය කිරීමට රජය තීරණය කර තිබෙන අතර ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව කැබිනට් ප්‍රකාශකවරයා පැවසීය.
     
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (09) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය.
     
    නාගරික දුම්රිය පද්ධති ආරම්භ කරමින් වත්මන් ගෝලීය ප්‍රමිතීන්ට ගැළපෙන පරිදි කාර්යක්ෂම දුම්රිය සේවයක් ස්ථාපනය කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
     
    ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය, ලංකා විදුලිබල මණ්ඩලය හා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සිදු කරන ලද මූලික ශක්‍යතා අධ්‍යයනය පාදක කරගනිමින් පානදුර හා වේයන්ගොඩ අතර දුම්රිය පද්ධතිය විදුලියකරණය කිරීමට අදාළව සක්‍යතා අධ්‍යයනය සිදු කෙරේ.
     
    එම අධ්‍යයන වාර්තාව පදනම්කරගෙන නිර්දේශිත ප්‍රතිපත්ති රාමුව තුළ රැඳෙමින් දුම්රිය විදුලියකරණ උපාය මාර්ග හා ව්‍යාපෘති තීරණය කිරීම සිදු වන අතර පාරදෘශ්‍ය  තරගකාරී ක්‍රමවේදයක් තුළින් දූෂණය හා නාස්තිය වැළැක්වෙන පරිදි උපරීම ප්‍රාග්ධනය ඵලදායීතාවක් සහිතව එම යෝජනා ක්‍රියාත්මක කිරීම ද සිදු වේ.

     kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya