එහිදී අණදෙන නිලධාරීන්, ආඥාපතිතුමන්ව උණුසුම් අයුරින් පිළිගත් අතර සෙබළුන් විසින් හමුදා සම්ප්රදායානුකූලව සම්මාන මුරයක් ද පිරිනමන ලදී.
වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති සිදුකළ මෙම සංචාරය සිහිගන්වනු වස් එම බලකා පරිශ්රයන් දෙකෙහිම පැළ රෝපණය කළ අතර මෙහිදි ආඥාපතිතුමා විසින් එම අණදෙන නිලධාරීන් වෙත ඔවුන්ගේ කාර්යභාරයන් පිළිබඳව ද පැහැදිලි කරන ලදී.
බලඇණි දෙකෙහිම සෙබළුන් ඇමතූ ආඥාපතිතුමා, විනය, නායකත්වය හා පුහුණුව පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳ ව අවධාරණය කළ අතර එම බලඇණිවල ගබඩා, වැඩමුළු සහ අනෙකුත් පහසුකම් පිළිබඳ නිරීක්ෂණය කළේය.
උතුරු මැද පළාත් ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති, වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන කර්නල් පාලන හා භට කාර්ය සම්පාදක සහ කර්නල් ප්රධාන මාණ්ඩලික ද මෙම සංචාරය සඳහා එක්ව සිටියහ.
NDH/army.lk