මාර්තු 12 විශේෂ ප්‍රකාශය සක්‍රිය කිරීම සඳහා ඉදිරි මැතිවරණවලදී මත්ද්‍රව්‍ය වැනි චෝදනාවලට සම්බන්ධ පුද්ගලයින්ට නාමයෝජනා නොදීමට පක්ෂ නායකයින් එකඟකර ගැනීම සිදු විය. එය සක්‍රිය කිරීම සඳහා අන්තරයාකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ ස්වාධීන කණ්ඩායම් 200ක් ඡන්ද කොට්ඨාස 160 අවරණය වන පරිදි යෙදවීමට කටයුතු කරන බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.
මේ අනුව ගම් මට්ටමේ ඡන්ද අපේක්ෂකයන් හා ඔවුන්ගේ ඥාතීන් නමට ඇති බාර්, බාර් බලපත්‍ර, ස්කාගාර, කැසිනෝ, සූදුපොළවල්, ස්ත්‍රී දූෂණ චෝදනා, මත්ද්‍රව්‍ය චෝදනා පිළිබඳ තොරතුරු රැස් කිරීම මෙමඟින් සිදු වේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (24) පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
නාමයෝජනා ලබාදීමට අපේක්ෂා කරන පුද්ගයින් පිළිබඳ තොරතුරු අන්තරයාකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය රැස් කර ගන්නා අතර එම තොරතුරු පක්ෂ ලේකම්වරුන්ට සහ මාධ්‍යයට ලබා දීමට කටයුතු කරන බවත් සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය.
එම තොරතුරු ගබඩාව ආශ්‍රයෙන් ඡන්ද අපේක්ෂකයන් පිළිබඳ Clearance certificate එකක් නැත්නම් ඡන්දය ඉල්ලීම පිළිබඳ No objection certificate නිකුත් කිරීමට අපේක්ෂා කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
kpm