නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජපක්ෂලා යුද්ධය වවාගෙන කෑවා විකුණගෙන කෑවා

    ජූනි 24, 2015

    රාජපක්ෂලා යුද්ධය වවාගෙන, විකුණගෙන කෑ බවත් ගෝඨාභය රාජපක්ෂ යුද්ධය පටන් ගත්තෙත් කොමිස් ලබා ගනිමින් බව පවසන විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා හැකිනම් මේ පැවසූ දේ සම්බන්ධව තමන්ට විරුද්ධව නඩු පවරන්න යැයි ගෝඨාභය රාජපක්ෂට පවසන බවත් පැවසීය.

     

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

     

    මෙයට හොඳම උදාහරණය ගුවන් හමුදාවට මිග් යානා මිළට ගැනීමේ ගණුදෙනුව ඉතා දේශද්‍රෝහී ක්‍රියාව බවත් 2000 දි මිළට ගත්තේ ඩොලර් මිලියන 1.6කට හා 1.5කට බවත් 2006 දී පාවිච්චි කළ මිග් යානා 4ක් ගෝඨාභය රාජපක්ෂ මිළට ගෙන ඇත්තේ එකක් ඩොලර් මිලියන 2.5කට බවත් එය සැබවින්ම ඩොලර් මිලියනයක් පමණ මිළ වැඩි වීමක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    එසේම මෙම ගණුදෙනුවේදී මුදල් ලබා දී ඇති බවට සඳහන් වන්නේ බෙලීසිමා යන සමාගමකට වන අතර එම සමාගම පවත්වාගෙන යන ලිපිනය ලෙස එහි ඇත්තේ එංගලන්තයේ ලන්ඩන් නුවර වන නමුත් එම ස්ථානය පිළිබඳ සොයා බැලීමේ දී හෙළිදරව් වූයේ එහි ඇත්තේ ටෙලි-කොමියුනිකේෂන් වෙළඳ සැලක් බවක් මෙවැනි ආයතනයක් මෙම ගණුදෙනුව සිදුකිරීමට සතියකට පෙර බ්‍රිටිෂ් වර්ජින් අයිලන්ඩ් නම් දූපතේ ලියාපදිංචි කර පවත්වාගෙන යන බවත් ය.

     

    මෙම චෝදනාවට පිළිතුරක් ලෙස ගෝඨාභය රාජපක්ෂ පවසා ඇත්තේ ලංකා රජය යුක්ක්‍රේන රජයත් සමඟ යුක්ක්‍රේන් මාෂ් නැමැති ආයතනයත් සමඟ කළ ගණුදෙනුවක් බව ය. නමුත් මෙය රජයක් තව රජයක් සමඟ කළ ගණුදෙනුවක් නම් මෙම මුදල් බෙලීසිමා සමාගමට යවා ඇත්තේ කුමන හේතුවක් නිසා දැයි ගෝඨාභය රාජපක්ෂගෙන් තමන් ප්‍රශ්න කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

     

    මෙම ගණුදෙනුවට මධ්‍යස්ථ වී ඇත්තේ එවකට රුසියානු සහ යුක්ක්‍රේන ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ උදයංග වීරතුංග මහතා බව පැවසූ සමරවීර මහතා අවි ගණුදෙනුවක් කළ බවට වීරතුංග මහතාට එරෙහිව යුක්ක්‍රේන රජයෙන් කිසිදු චෝදනාවක් නිකුත් කර නොතිබුණ බවට අද රාජපක්ෂලාගේ මාධ්‍ය කණ්ඩායම පවසන බව ප්‍රකාශ කළේය.

     

    නමුත් ඒ රට තුළ තානාපතිවරයා ලෙස සිටියදී අවි ආයුධ පුද්ගලයන්ට සැපයූ බවට යුක්ක්‍රේන රජයේ විදේශ අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකා රජයේ විදේශ අමාත්‍යංශය වෙත ශ්‍රී ලංකාවේ අනේවාසික යුක්ක්‍රේන තානාපති හරහා 2014 නොවැම්බර් 19වන දින ඉදිරිපත් කර ඇති රාජ්‍ය පැමිණිල්ලක් තමන් සතුව පවතින බවත් සමරවීර මහතා සඳහන් කළේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya