රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (24) පැවති ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධි දිනය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
"මතින් නිදහස් - ජීවයෙන් පිරි රටක්" යන්න මෙවර තේමාව වන අතර දිවයින පුරා මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට සම්බන්ධ 5000ක පිරිසක් මෙම ප්‍රධාන උත්සවයට සහභාගි වන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති වෛද්‍ය තිලංග සමරසිංහ මහතා පැවසීය.
මෙදිනට ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ විශේෂ ප්‍රකාශයන් නිකුත් කෙරෙන බව පෙන්වා දුන් සභාපතිවරයා මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් සුවිශේෂ දායකත්වය දැරූවන්ට සමරු තිළිණ ප්‍රදානයක් සිදු කෙරෙන බව ද සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය වෙනුවෙන් සුවිශේෂි අවධානයක් යොමුකරමින් කටයුතු කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ද විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කෙරෙන බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.
මහජන සාමය හා ක්‍රිස්තියානී කටයුතු පිළිබඳ අමාත්‍යාංශය, අන්තරයාකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, හා ශ්‍රී ලංකා පොලීසිය ඒකාබද්ධව මෙම උත්සය සංවිධානය කරනු ලබයි.
මෙම අවස්ථාවට පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි, පූජ්‍ය අතුරලියේ රතන හිමි ප්‍රමුඛ සංඝරත්නය, අමාත්‍යවරුන්, තානාපතිවරුන් ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිතය.
kpm