ජපාන විදේශ අමාත්‍ය ෆියුමියෝ කිෂිඩා මහතාගේ ආරාධනාවකට අනුව මෙහිදී මංගල සමරවිර මහතා විසින් පසුගිය කාලයේ ශ්‍රී ලංකාව ලබාගත් අත්දැකිම් ආශ්‍රයෙන් රටක සාමය ගොඩනැගීම හා ජාතික සංහිදියාව ඇති කිරීම පිළිබඳ ව ජපානයේ පවත්වනු ලබන මෙම ඉහල පෙලේ සමුළුවේ දී විශේෂ දේශණයක් පවත්වනු ඇත.
එසේම මෙම ජපාන සංචාරයේ දී විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාව හා ජපානය අතර දැනට පවත්නා ද්විපාර්ශ්වීය සම්බන්ධතාවයන් පිළිබඳ ව හා දෙරටේ හා කලාපයේ රටවල දේශපාලන, ආර්ථික සමාජීය හා සංස්කෘතික සම්බන්ධතාවයන් වැඩිදියුණු කිරීම පිළිබඳ ව ද ජපාන විදේශ අමාත්‍ය ෆියුමියෝ කිෂිඩා මහතා සමග සාකච්ඡා පැවැත්විමට අදහස් කරන බවත් විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
DB