නව ආඥාපති වෙත 7 වන ගැමුණුහේවා රෙජිමේන්තු සෙබළුන් විසින් ආචාර සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාළියක් ද පිරිනැමූ අතර, පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ නව ආඥාපතිතුමා සිය ධූරයෙහි රාජකාරී අරඹන ලදී. මේජර් ජෙනරාල් විතානගේ මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ අට වන ආඥාපතිතුමා වේ.
එම අවස්ථාව සිහිගන්වමින් මේජර් ජෙනරාල් විතානගේ මහතා විසින් එම ස්ථානයේ පැළයක් රෝපණය කරන ලදී.
මෙම අවස්ථාව සඳහා සේනාංකාධිපතිවරු, බලසේනාධිපතිවරු, ඒකක අණදෙන නිලධාරීහු මෙන්ම බොහෝ පිරිසක් සහභාගි වූහ.
NDH