මෙම සමුගැනීමේ අවස්ථාව සඳහා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත හමුදාපති වෙනුවෙන් යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ජගත් ඩයස් පැමිණ සිටියහ.
ජෙනරාල් රහීල් ෂරීෆ් ඇතුළු නියෝජිත පිරිස ගුවන් තොටුපල වෙත යාමට ප්‍රථම යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහ නයනා ද සිල්වා මහත්මිය ඔවුන් වෙත ගොස් සිය සුභ පැතුම් එක් කළහ.
ඒ අතරම ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සමස්ත යුද හමුදා වෙනුවෙන් ජෙනරාල් රහීල් ෂරීෆ්ගේ ශ්‍රී ලංකාව සංචාරයේ අමතක නොවන අවස්ථාවන් අන්තර්ගත ඡායාරූප ඇල්බමයක් පිරිනැමිමෙන් අනතුරුව, ඔහුගේ පැමිණීම වෙනුවෙන් සිය ස්තුතිය ද පුද කළහ.
යුද හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් කිහිපදෙනෙකු ද ෂරීෆ් මහත්මිය වෙත සුභ පැතීම සඳහා මෙම අවස්ථාවට එක්ව සිටියහ.
DB