දියතලාව යුද හමුදා මුලික රෝහලේ අණදෙන නිලධාරීගේ අධීක්ෂණය මත පැවැත් වූ මෙම වැඩමුළුව සඳහා නීති සේවා අධ්‍යක්ෂ මණ්ඩලය, වැටුප් හා ලේඛණ අධ්‍යක්ෂ මණ්ඩලය, වෛද්‍ය සේවා අධ්‍යක්ෂ මණ්ඩලය, සුබසාධක අධ්‍යක්ෂ මණ්ඩලය, රණ සේවා අධ්‍යක්ෂ මණ්ඩලය, පුනරුත්ථාපන අධ්‍යක්ෂ මණ්ඩලය සහ රාගම රණ විරු සෙවන යන අධ්‍යක්ෂ මණ්ඩල සහභාගි වී සිටි අතර එහිදී විශ්‍රාමික සහ රණක්ෂිතයට පත් වූ රණ විරුවන් වෙත උපදෙස් හා සේවාවන් ලබා දී ඇත.
මේ සඳහා නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රිකයන්හි විශ්‍රාමික සහ රණක්ෂිතයට පත් වූ රණවිරුවන් 193 දෙනෙකු සහභාගි වූ අතර, පෙරහෙට්ටිය රණ විරු ගම්මානයේ රණ විරුවන් ද මීට ඇතුලත් වූහ. කොළඹ යුද හමුදා මූලස්ථානයේ සිට එහි පැමිණි නිලධාරීන් විසින් මොවුන්ගේ අවශ්‍යතාවයන් පිළිබඳ සොයා බලන ලදි.
DB