ආණ්ඩුකාරවරයා මේ බව ප්‍රකාශ කළේ අද (07) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදීය.
අක්කර 237ක බිම් ප්‍රමාණයක ඉදිකර තිබෙන සාම්පූර් නාවික හමුදා පුහුණු කඳවුර ත්‍රිකුණාමල වරායට සමීප අක්කර 180ක බිමක නැවත ස්ථානගත කිරීම පසුගිය රජය විසින් ගෙන තිබූ අධිකරණ තීන්දුවක් හා 2011 වසරේ හැන්සාඩ් වාර්තාවක් මගින් පාර්ලිමේන්තුවට දුන් පොරොන්දුවක් ක්‍රියාවට නැංවීමක් බවත් දේශපාලන වාසි තකා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
නව ස්ථානයේ කඳවුර ප්‍රතිස්ථාපනය කිරීමෙන් කඳවුරට කිලෝ මීටර 4ක වෙරළ තීරයක් හිමිවන බැවින් එය ආරක්ෂාවට හා පුහුණු කටයුතුවලට විශාල සහයක් බවත් නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් (මෙහෙයුම්) රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා සඳහන් කළේය.
ඉදිරි මාස 6 ඇතුළත මෙය ක්‍රියාත්මක කිරීමටත් මෙම ව්‍යාපෘතිය සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන්කරගැනීමටත් කටයුතු කරන බව ආණ්ඩුකාරවරයා මෙහිදී පැහැදිලි කළේය.
SDF