නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමාගේ නායකත්වය හා නිහතමානී කැපවීම නිසා ජාත්‍යන්තරය ජයග්‍රහණය කළා

    මැයි 07, 2015
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනතාවට අත්‍යවශ්‍ය කාරණා ගණනාවක් සඳහා විසඳුම් ලබා දෙන්න මේ දින කිහිපය තුළ කටයුතු කළ බවත් එහිදී රටක් වශයෙන් ජාත්‍යන්තරය ජයග්‍රහණය කරන්න ජනාධිපතිතුමාගේ නායකත්වය හා නිහතමානී කැපවීම අගය කළ යුතු බවත් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසයි.
     
    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ඉදිරි කාලය තුළ රට ගොඩනගන වැඩපිළිවෙළ පිළිබඳ අද (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය දැනුවත් කිරීමකට එක්වෙමිනි.
     
    මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ජයග්‍රහණයෙන් පසු ජනතාවට ගැටලුවක් ව පැවති බඩුමිල අඩු කළා. ඉන්ධන මිල පහත දමමින් සෑම ක්ෂේත්‍රයකට ම සහන දෙන්න කටයුතු කළා. යහ පාලනය ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම වෙනුවෙන් නව නීති හා ප්‍රතිපත්ති ගෙන ඒමට කටයුතු කරන ජනාධිපතිතුමා ඖෂධ පනත සම්මත කරන්න කටයුතු කළා මෙන් ම ඒ සඳහා අවශ්‍ය නෛතික කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
    රටේ පැවති බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කිරීමත් සමඟ ජාත්‍යන්තරය තුළ අපේ රට ගැන කළුපැල්ලම් ඇති වුණා. ආර්ථික සම්බාධක දමා ආර්ථික වශයෙන් රට පීඩාවට පත් කරන්න උත්සාහ දරන අවස්ථාවේ ජාත්‍යන්තරය ජයග්‍රහණය කරන්න ජනාධිපතිතුමා කටයුතු කළා. ජාත්‍යන්තරයේ තිබූ කළුපැල්ලම්, අපකීර්තිය නිමාවට පත් කර ලෝකය තුළ ප්‍රබුද්ධ රාජ්‍යයක් බවට පත් කරන්න මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කටයුතු කළා. ජනාධිපති බලතල අඩුකිරීම ගැන කතා කළත් බලයට පත් වූ කිසිවෙකුට එවැනි කටයුත්තක් කරන්න අවශ්‍ය වුණේ නැහැ. ජනාධිපතිතුමා, ජනතාවගේ ඉල්ලීම්වලට කන් දුන්නා. නායකයෙක් ලෙස තමන්ට හිමි බලතල ඉවත් කරන්න නිර්ලෝභීව නායකත්වය හා කැමත්ත දීම ගැන අගය කළ යුතු බව ද ඔහු පැවසීය. 
     
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් කැබිනට් අමාත්‍ය, රාජ්‍ය අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධූර භාරගැනීම ගැන පසුගියදා කතිකාවක් ඇති වුණා. එවැනි තීරණයක් ගත්තේ අපි තනි තනිව නොවෙයි. ඒකමතිකවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ එකඟත්වය මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණයක් අනුව මේ අමාත්‍ය ධූර ලබා ගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීන්දු ක්‍රියාත්මක කරන්න අපි බැඳී සිටිනවා. පක්ෂය ගත් තීන්දු අනුව අප ක්‍රියාකර ඇති බවත් තනතුරු නොලැබුණු කිහිප දෙනෙකු රට තුළ වැරදි මතයක් ගෙනයන්න හදන නිසා මේ පිළිබඳ ව පැවසිය යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya