නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොදු සමාව යටතේ දෙදහසකට අධික පිරිසක් භාර වෙයි

    අප්‍රේල් 07, 2015
    නිවාඩු නොගෙන සේවයට නොපැමිණිව සිටින කාල සීමාව මාස 06 ඉක්මවන අයවළුන් නීත්‍යාණුකූලව යුද්ධ හමුදා සේවයට කැඳවීමකින් තොරව පරිපාලනමය වශයෙන් නීත්‍යාණුකූලව යුද්ධ හමුදාවෙන් අස්කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක පොදු සමා කාලය තුළ ඊයේ (06) සන්ධ්‍යාව වනවිට නිවාඩු නොගෙන සේවයට නොපැමිණිව සිටි සෙබළුන් 2139 දෙනෙක් සේවයෙන් ඉවත්කිරීමේ කටයුතු වෙනුවෙන් රෙජිමේන්තු මධ්‍යස්ථාන වෙත රපොර්තු කර තිබුණි.
     
    හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ හමුදා මාධ්‍ය අධ්‍යක්‍ෂක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා එළඹෙන අලුත් අවුරුදු සමයට පෙර අස්කිරීම් කටයුතු වෙනුවෙන් නිවාඩු නොගෙන සේවයට නොපැමිණිව සිටින සෙබළුන් හට හැකි ඉක්මනින් සිය රෙජිමේන්තු මධ්‍යස්ථාන වෙත වාර්තා කරන ලෙසත් එම කටයුතු කඩිනමින් සිදුකරගෙන සතුටින් නව වසර සමරන ලෙසත් අදාළ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
     
    පොදු සමා කාලය පසුගිය අප්‍රේල් 02දා ආරම්භ විය. මෙම පොදු සමා කාලය අප්‍රේල් මස 16 වැනි දින දක්වා ක්‍රියාත්මක වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya