"මීළඟ රජය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් පිහිටුවනු ඇත" යන තේමාව යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වසරේ මැයි දිනය සමරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඊයේ (06) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුව අමතමින් ප්‍රකාශ කළේය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට අමතරව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින උත්සවය වෙනුවෙන් ආරාධනා කරනු ඇතැයි අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ යුගය තුළ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රටේ කම්කරු සමාජයේ යහපත සඳහා විශාල දායකත්වයක් දැක් වූ බව ඒ මහතා සඳහන් කළේය.
SDF