නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුරෝපා සංගමය තුළ එල්.ටී.ටී.ඊ. තහනම නැවත පනවයි Featured

    මාර්තු 30, 2015

    එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත වරක් යුරෝපා සංගමය තුළ තහනම් සංවිධානයක් ලෙස නම් කර ඇති බවත් එය මෙරට මෑත කාලීනව ලැබූ විශිෂ්ටතම රාජතාන්ත්‍රික ජයග්‍රහණයක් වන බවත් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

     

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුව අමතමිනි.

     

    යුරෝපා හවුල විසින් පළමු වරට එල්.ටී.ටී.ඊ. සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස 2006 වසරේ පටන් ලැයිස්තු ගත කෙරිණි.

     

    එම තීරණය යුරෝපා හවුල විසින් 2014 ඔක්තෝබර් 16 වෙනි දින යුරෝපා අධිකරණ තීන්දුවක් මගින් ඉවත් කළ අතර, පසුගිය බ්‍රහස්පතින්දා (26) තීරණ අංක 2015/521 තීරණය ප්‍රාකාරව එල්.ටී.ටී.ඊ.ය සංවිධානය නැවත වරක් යුරෝපා සංගමය තුළ තහනම් සංවිධානයක් ලෙස නම්කරවා ගැනීමට ශ්‍රී ලංකා රජය සමත්ව ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායකවරයා ලෙස සිටි සමයේ දී යුරෝපා සංගමය තුළ එල්.ටී.ටී.ඊ. තහනම ඉවත් කළ අතර එම අවස්ථාවේ දී යුරෝපා හවුලට සම්බන්ධිත යුරෝපීය විදේශ ක්‍රියාකාරී සේවයේ විදේශ කටයුතු ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ සංගමයේ ප්‍රමුඛ නියෝජිත ෆෙඩ්රිකා මොග්හෙරිනි මහත්මිය වෙත නැවත වරක් මෙම තහනම පනවන ලෙස ඉල්ලමින් ලිපියක යැවීමට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ බව ද අජිත් පී. පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

     

    ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය පැවති සමයේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ දරුණු ක්‍රියාකාරකම්, යුදමය වශයෙන් නැවත නැඟී සිටීමට එල්.ටී.ටී.ඊ. සංවිධානය සතු හැකියාව හා එමගින් ජාත්‍යන්තරයට ඇතිවන බලපෑම පිළිබඳව පැහැදිලි කිරීමක් එම ලිපියේ අන්තර්ගත වූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

     

    එල්.ටී.ටී.ඊ.ය සංවිධාන තහනම ඉවත් කිරීමට යුරෝපා අධිකරණය විසින් ගෙන ලැබ තිබූ තීන්දුව දෝෂ සහගත බැවින් නැවත වරක් එල්.ටී.ටී.ඊ.ය සංවිධානය ත්‍රස්ත සංවිධාන ඇතුළත් නවතම ලැයිස්තුවට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.

     

    නව රජයේ ප්‍රතිපත්තිය නම් කිසිදු ත්‍රස්තවාදයකට රට තුළ ක්‍රියාත්මක වීමට ඉඩ නොදීමත් එවැනි මතවාදයක් හෝ පැතිරීමට ඉඩ නොතැබීමත් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

     

    යුරෝපා සංගමය තුළ එල්.ටී.ටී.ඊ. තහනම නැවත පැනවීමට ගනු ලැබූ තීරණයත් සමඟ ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදී ක්‍රියාවන් නැවත හිස එසවීමේ කාර්යය සිදු නොවන බවට තහවුරු වූ බවත් මෙම තීරණය සම්බන්ධව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ නව රජය යුරෝපා සංගමයට ස්තූතිය ප්‍රකාශ කරන බවත් අවසන් වශයෙන් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා කියා සිටියේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya