අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රීලංකන් ගුවන් යානාවල මෙහෙයුම් අලුත්වේ

    පෙබරවාරි 16, 2016
                                                  
    මෙම වසර ලෝක ගුවන් ගමන් සඳහා ඉතාමත් වැදගත් වසරක් වනු ඇත. ඉන්ධන මිල ගණන් සැළකිය යුතු ලෙස පහළ මට්ටමක පවතින අතර මේ වන විට ගෝලීය ගුවන් ගමන් සඳහා ඇති ඉල්ලුම ශක්තිමත් වී ඒ සඳහා  ඉතා තරඟකාරී වෙළඳපළක්ද නිර්මාණය වී තිබේ. එම නිසා වර්තමානයේ සිදුකරන මෙහෙයුම් අධීක්ෂණයට ලක්කරමින් ඊට සරිලන ධාරිතාව වැඩිකරමින් තිරසාර ගමනාන්තයන් වෙත මෙහෙයුම් සිදුකිරීමට ශ්‍රීලංකන් ගුවන් සමාගම පියවර ගෙන තිබේ. 
    එසේම යුරෝපයේ ශ්‍රීලංකන් මෙහෙයුම්වල කේන්ද්‍රස්ථානය ලන්ඩන් වනු ඇත. දැනටමත් ලන්ඩන් සහ කොළඹ අතර නොනවතින ගුවන් මෙහෙයුම් ක්‍රියාත්මක කරන  එකම ගුවන් සේවය ශ්‍රීලංකන් වන අතර ඒ සඳහා නවතම පුළුල් බඳ සහිත A330-300 ගුවන් යානා යොදවා ඇති අතර අභ්‍යන්තර පහසුකම් සහ සැප පහසුව ද ,උසස් තාක්ෂණික ලක්ෂණ ඇතුළත්  මෙම ගුවන් යානාවලින් මගීන්ට විශේෂිත වූ පියාසර අත්දැකීමක් ලබාදෙනු ඇත. 
     
    ශ්‍රීලංකන් පැරිස් වෙත  සතියකට සිදුකරන ගුවන් මෙහෙයුම්  හතර තවදුරටත් එලෙසම ක්‍රියාත්මක කරන අතරම ගිම්හාන කාලයේදී එනම් 2016 ජූලි මාසයේ සිට ෆ්රැන්ක්ෆර්ට් වෙත පස්වෙනි ගමනාන්තයක් එකතු කරමින් මෙහෙයුම්  වැඩිකිරීමට සැලසුම් කර තිබේ. 
     
    එසේම ශ්‍රීලංකන් වාණිජමය වාසියක් ඇති  මාර්ග ධාරිතාව වැඩි කිරීමේ අරමුණින් 2016 මැයි මස 1 වෙනි දා සිට රෝමයට සිදුකරන ගුවන් මෙහෙයුම් අතිහිටුවීමට තීරණය කර තිබේ. එසේම සංඛේත හුවමාරු හවුල්කරුවන් සමඟ එක්ව යුරෝපය සහ උතුරු ඇමරිකානු ගමනාන්ත වෙත වඩාත් පහසු ගුවන් සබඳතා ලබාදීමට ගුවන් සමාගම කටයුතු කරනු ඇත.
    ශ්‍රීලංකන් ගුවන් සමාගම මැදපෙරදිග ප්‍රධානතම ගුවන් මධ්‍යස්ථනය හතකට එනම් අබුඩාබි , ඩුබායි, දෝහා , සව්දි , රියාද්, ජෙඩා හා කුවේට් යන ගමනාන්ත වෙත සතියකට ගුවන් ගමන් වාර 42 මෙහෙයුම් සිදුකරනු ලබයි. තවද ශ්‍රීලංකන් මැද පෙරදිග ගුවන් මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා  , රියාද් වෙත දිනපතා ගුවන් ගමන්ද ජෙඩා වෙත සතියකට ගුවන් ගමන් වාර හයක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතය. 
     
    2013,2014 සහ 2015 වසර වලදී ශ්‍රී ලංකාව වෙත වැඩිම සංචාරකයින් පැමිණ ඇත්තේ ඉන්දියාවේ සිට වන අතර 2015 යන වසරේදී සංචාරක පැමිණීම අතින් එතෙක් තෙවන ස්ථානයේ පසු වූ චීනය දෙවන ස්ථානයට පත්ව තිබේ. 
     
    ශ්‍රීලංකන් ගුවන් සමාගමට වැදගත්ම වෙළඳපොළක් වන ඈත පෙරදිග කළාපයේ ගුවන් මෙහෙයුම් තවදුරටත් පුළුල් කිරීමට ගුවන් සමාගම කටයුතු කරනු ඇත. එසේම ජාතික ගුවන් සේවය වශයෙන් පසුගියදා කොළඹ සිට චීනයේ ගුවන්ෂෝ නගරයට සතියකට නොනවතින ගුවන් මෙහෙයුම් තුනක් දක්වා වැඩිකිරීමට කටයුතු කරන ලදී. ඒ අනුව එම ගමනාන්ත දෙකක් අතර සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රථම ගුවන් සේවය බවට ද ශ්‍රීලංකන් පත්විය. ශ්‍රීලංකන් දැනට බීජිං, ෂැංහයි, කැන්ටන් සහ කුන්මිං යන ගමනාන්ත වෙත සතියකට ගුවන් ගමන් වාර 18 ක් ක්‍රියාත්මක කරන අතර හොංකොං දක්වා සතියකට ගුවන් ගමන් වාර තුනක්, සිංගප්පූරුව වෙත සතියකට ගුවන් ගමන් වාර දහනවයක් සහ ක්වාලාලම්පූර් හා බැංකොක් යන ගමනාන්ත දෙක වෙත දිනපතා ගුවන් වාර දෙකක් සිදුකරනු ලබයි. 
     
    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධානතම ගමනාන්තයක් වන ඉන්දීය උප මහාද්වීපය හා මාලදිවයින වෙත ගුවන් මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් කරන අතර දැනටමත් සතියකට ඉන්දීය ගමනාන්ත හතක් සහ මාලදිවයින වෙත ගුවන් ගමන් 24 ක් ඇතුළු මෙහෙයුම් 88 ක් සිදුකරනු ලබයි. 
     
    කලාපය තුළ සංචාරක අවස්ථා තව තවත් ශක්තිමත් කරමින් ශ්‍රීලංකන් සිය සහෝදර ගුවන් සේවය වන මිහින් ලංකා සමගින් එක්ව වරණාසි, බුද්ධගයාව, කල්කටා, මදුරෙයි, ලාහෝර්, ඩකා, ජකර්තා, බහරේන්, මස්කට් සහ සීශෙල්ස් වෙත සංඛේත හුවමාරු ගුවන් මෙහෙයුම් සිදුකරයි. 
     
    ශ්‍රීලංකන් ගුවන් සමාගම දකුණු ආසියානු කළාපය නියෝජනය කරන වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සන්ධානය (oneworld Global Alliance)  හා එක්ව South Asian Sub-Continent ගාස්තු වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. එමගින් ශ්‍රීලංකන් සමගින් ඉන්දියාව සහ මාලදිවයින ඇතුළු දකුණු ආසියානු උප මහද්වීපයේ ගමනාන්ත ජාලය අවරණය කරමින් සංචාරයේ යෙදීමට සහ විවිධත්වය අත්විඳිමට අවස්ථාව සලසා දී තිබේ. 
      
    ශ්‍රීලංකන් ගුවන් සමාගම තිරසාර මෙහෙයුම් ජාලයක් ඔස්සේ ලාභ උපයමින් සහ සිය නිෂ්පාදන වැඩිදියුණු කරමින් කාලෝචිත ගුවන් සේවාවක් බවට පත්කිරීමට කටයුතු යොදනු ඇත. එමෙන්ම ශ්‍රීලංකන් උණුසුම් ආගන්තුක සත්කාරය සමගින් ගුවන් මගීන්ට සදා මතකයේ රැඳෙන ගුවන් ගමනක් එක්කිරීමට නිරන්තරයෙන් කටයුතු සලසා දී තිබේ. 
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya