අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නික්ම ගිය හිමි සඳ...!

    නොවැම්බර් 12, 2015

    සාධාරණ සමාජයක් සඳහා වන ජතික ව්‍යාපාරයට නායකත්වය දෙමින් ශ්‍රී ලාංකීය දේශපාලන ව්‍යාපාරය, සමාජය, ආර්ථිකය,සංස්කෘතිය, බෞද්ධ උරුමය,අන්‍යයය ආගමික සහජීවනය රටතුළ තහවුරු කිරීමට පැවැදි දිවිය කැප කළ වර්තමානයේ අපට පහල වූ උතුම් බුද්ධ පුත්‍රයකු ලෙස අපවත්වී වදාල කෝට්ටේ, නාගවිහාරාධිපති අතිපූජ්‍ය මාදුළුවාවේ සොභිත හිමියෝ හැදින්විය හැකිය.

    සැමවිටම සමාජ අසාධාරණයට එරෙහිව අභීතව නැගී සිටි සෝභිත හිමියෝ රටේ පාලන තන්ත්‍ර තීරණාත්මක ලෙස වෙනස් කිරීමට තරම් ප්‍රබල ජනමතයක් සමාජය තුළ ගොඩනැඟීමට නායකත්වය දෙනු ලැබීය.


    යහපාලනයක් උදෙසා sobithaරට මෙහෙයවීමට නායකත්වය දුන් උන්වහන්සේ සියලු පුරවැසියන්ට සමනාත්මතාවයෙන් සළකන සමාජයක් ප්‍රාර්ථනා කළ අතර ඒ සඳහා දිවා රාත්‍රී නබලා සිය සේවය ඉටු කළේ ය.සමාජයේ තැලෙන පෙළෙන පොඩි මිනිසාගේ දුක හඳුනාගනිමින් ඔවුන් වෙත සරණ පතා ගොස් සේවය කළේ, බුදු වදන පසක් කරවමිනි.නිවාස නැති ජනතාවට නිවාස තනා දීමට, අසරණ වැඩිහිටියන්ට සරණවෙමින් කළ සමාජ මෙහෙය සුවිශාලය.

     

    අතිපූජ්‍ය මාඳුළුවාවේ සෝභිත හිමියෝ අපවත්වනවිට 73 වියෙහි පසුවූහ. පතිරගේ දොන් පීරිස් අප්පුහාමි සහ කුරුවිට ආරච්චිගේ කර්ලිනාහාමි දෙපළගේ පුත්‍රයා ලෙස එදා ගිහි නමින් රත්නසේකර ලෙස වඩු මඩුවක දී උපත ලැබූහ.උන්වහන්සේගේ උත්පත්තිය පිළිබඳව එක්තරා රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් පවසා සිටියේ 1942 වනවිට පැවැති ලෝක යුද තත්ත්වය හේතුවෙන් කොළඹ සිටි බොහෝ පිරිස් තම මාදුළුවාව ගමට පැමිණ සිටි බවත් ඔවුන් වෙනුවෙන් එදා තම දෙමව්පියන් විසින් එම පිරිස්වලට නවාතැන් දීමට තම නිවස ලබාදුන් බවත් ඒ අනුව තම පවුල වඩු මඩුවක සිටි බවත් පවසා සිටියහ.එදා තම දෙමව්පියන් විසින් සරණක් සොයා පැමිණි ජනතාවට තම නිවස ලබාදෙමින් සරණක් වූ සෙයින් එම ගුණ යහපත්කම් පෙරටුව යමින් උන් වහන්සේ ද තම සෙවණ ජනතාව වෙත පිදුම් ලැබුවාහ. වරක් තම පන්සල වෙත පැමිණි කුඩා දරුවෙකුට සිය පාඩම් කටයුතු සඳහා බණ මඬුවේ විදුලි ලාම්පුව දල්වා දුන් අයුරු මෙනෙහි කළහ.

     

    1956 දී මාඳුළුවාවේ සොභිත හිමියන් මුල්ලේරියාවේ රේවත හිමියන්ගේ ගෝලනමක් ලෙස පැවැදි දිවියට පැමිණියහ.එතැන් සිට සමාජ මෙහෙවර ආරම්භ කළ පූජ්‍ය මාඳුළුවාවේ සෝභිත හිමියෝ වියත් ධර්ම කථිකයකු ලෙස, දේශපාලන වියතෙකු ලෙස, සමාජ ශෝධකයකු ලෙස තම සමාජ මෙහෙය දියත් කළහ.

     


    උන් වහන්සේගේ දේශපාලන ගMaduluwawe Sobitha thero 2මන් මඟ සරු මඟක් වූවේ නැත. පැවැති රජයන් හි අඩු පාඩු, නිවැරැදි විය යුතු තැන්, දූෂණය, වංචාවට එරෙහිව සිය වාග් සංග්‍රාමය දියත් කළහ. ඒ සඳහා උන් වහන්සේ පසුබට වුවේ ද නැත.ඒ නිසාම උන්වහන්සේට ඉතා දරුණු වධහිංසාවලට පහරදීම් වලට පමණක් නොව අපහාස විදීමට ද සිදු විය.

     

    මේ පිළිබඳව පසුකළෙක උන් වහන්සේ මෙනෙහි කරන්නේ ඉතාමත් උපේක්ෂා සහගත සිතුවිල්ලෙනි. තම ජනතාව වෙනුවෙන් යුතුකම් ඉටුකිරීම පිළිබඳව උන් වහන්සේ සතුටට පත් විය. ඒ නිසාම උන් වහන්සේ නිරන්තරයෙන් වදාරන ලද්දේ තමන් වහන්සේට රටේ ජනතාව බොහෝ සේ ආදරය කරන බවය.

     

    දේශපාලන ක්‍රමවේදයන්ගෙන් රටේ ජනතාව පීඩාවට පත්වෙද්දි සංඝ පීතෘවරයකු ලෙස පෙරට එමින් එම පාලන ක්‍රමය නිවැරදි කරන්නට කටයුතු කළහ.රටක නීතිය,යහපැවැත්ම, යුක්තිය, සමනාත්මතාව වෙනුවෙන් උන්වහන්සේ නිරන්තරයෙන් විදියට පැමිණියහ.Sobith1

     


    දේශපාලන ක්‍රමවේදයන්ගෙන් රටේ ජනතාව පීඩාවට පත්වෙද්දි සංඝ පීතෘවරයකු ලෙස පෙරට එමින් එම පාලන ක්‍රමය නිවැරදි කරන්නට කටයුතු කළහ.රටක නීතිය,යහපැවැත්ම, යුක්තිය, සමනාත්මතාව වෙනුවෙන් උන්වහන්සේ නිරන්තරයෙන් විදියට පැමිණියහ.

     


    උන්වහන්සේගේ අභාවයත් සමඟ රටවැසියේ කම්පාවට පත්වූහ.අතිපූජ්‍ය මාඳුළුවාවේ සෝභිත නාහිමියන් පැතූ සමජ සාධාරණත්වයෙන් යුතු සංවර්ධිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම අපගේ පරම වගකීම බව උන් වහන්සේගේ අපවත්වීම සම්බන්ධයෙන් ශෝකය පළ කරමින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ.

     

    රටෙහි පැවැති අහිතකර දේශපාලන ප්‍රවාහනය් නිවැරැදි මඟට යොමු කිරීම සඳහා උන්වහන්සේ කෙරෙහි වූ අධිෂ්ඨානය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා වූ පොදු ජන ක්‍රියාවලියට තීරණාත්මක මඟපෙන්වීමක් සහ උත්තේජනයක් වූ බවද ජනාධිපති මඓත්‍රිපාල සිරිසේන මතිතුමා නිකුත් කළ නිවේදනයේ කෙයැවේ.

     


    සදාචාරාත්මක සකාජයක්,පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් වෙනුවෙන් නොනිමි සිහින යථාර්ථයක්කර ගැනීමට දශක ගණනාවක් අභීතව අවිහිංසාවාදී අරඟලයක නිරත වූ බුද්ධ පුත්‍රයකු රටට අහිමි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ශෝක පණිවුඩයෙන් උන්වහන්සේගේ ගුණ අගයා තිබේ.

     


    උන් වහන්සේගේ අපවත්වීම සැලවීමත් සමඟ දෙස් විදෙස් සියල්ලෝ ශෝකය පළ කරමින් ශෝක පණිවුඩ නිකුත් කළහ. රජය විසින් උන්වහන්සේට ලබාදිය හැකි ඉහළම ගෞරව ලබාදීම වෙනුවෙන් සියලු කටයුතු සංවිධානය කළේ ය.

     


    උන්වහන්සේ පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පාර්ලිමේන්තුව ඉදිරිපිට පිටියේ දී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර තිබේ. එමෙන් ම ආදාහන පූජෝත්සවය පැවැත්වෙන නොවැම්බර් 12 දින ජාතික ශෝක දිනයක් ලෙස රජය නම් කර තිබේ.

     


    සාධාරණ සමාජයක් වෙනුවෙන් උන්වහන්සේ අවබෝධ කර ගත් එම සුපිරිදු චින්තනය සමාජ ගත කොට එය තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යාම උන්වහන්සේට කරන උපහාරයකි.උන් වහන්සේ කිසිවක් ආපසු බලාපොරොත්තු වූවේ නැත. ගුණ ගායනා ද බලාපොරොත්තු වූවේ නැත. උන් වහන්සේ බලාපොරොත්තු වූවේ සමාජයේ වෙසෙන සියලු දරුවන්ගේ යහපතය. ඒ සඳහා
    උන් වහන්සේ නෙත් කෙවෙනි බොඳවන තුරු අවධියෙන් සිටියේ ය.

    slider2

    එහෙත් දැන් සියල්ල නිම වී අවසන් ය. උන් වහන්සේ අපවෙත මහා යුතුකම් හා වගකීම් රැසක් සමාජය වෙනුවෙන් ඉටුකිරීම උදෙසා භාරදී තිබේ. හිමිසඳ නික්ම ගොස් අවසන් ය.සමජයක් ආලෝකමත් කිරීම උදෙසා අප්‍රමාණ දයාවෙන්,මෛත්‍රියෙන් කටයුතු කළ අතිපූජ්‍ය මාඳුළුවාවේ සෝභිත හිමියනි ඔබ වහන්සේට නිවන් සැප ලැබේවා..!

     

     

    ප්‍රභාත් රත්නායක

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya