ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයේ පිහිටි ගණදෙවි කෝවිලේ වාර්ෂික ගණදෙවි පූජාව සහ පෙරහැර මංගල්‍යය වෙනුවෙන්, ගණ දෙවි ප්‍රතිමාව රැගත් අලංකාරවත් පෙරහැර වීථි සංචාරය කිරීම නාවික තටාකාංගණ පරිශ්‍රය තුළ සහ ත්‍රීකුණාමලය නගරය කේන්ද්‍ර කරගනිමින් පසුහිය සැප්තැම්බර් මස 07 සහ 08 දෙදින සාර්ථකව පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය කෙරිණි.
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ජනතාව අතර ආගමික සහජීවනය වෙනුවෙන් නාවික හමුදාවේ දායකත්වය පෙන්නුම් කරමින්, ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයේ පිහිටි ගණදෙවි කෝවිලේ ගණදෙවි පූජාව සහ පෙරහැර මංගල්‍යය වාර්ෂිකව පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය කරනු ලබයි.
ඒ අනුව මෙවර වාර්ෂික ගණදෙවි පූජාවේදී, ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණය ඇතුළු සමස්ථ නාවික හමුදාවට ආශීර්වාද පතා හින්දු ආගමික වතාවත් නාවික තඨාකාංගණයේ පිහිටි ගණදෙවි කෝවිලේ ප්‍රධාන පූජක තුමන්ගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව සිදුකිරීමෙන් අනතුරුව, හින්දු සංස්කෘතිකාංගයන් සහිතව ගණදෙවි ප්‍රතිමාව රැගත් දර්ශනීය පෙරහැර වීථි සංචාරය කිරීම නාවික තටාකාංගණ පරිශ්‍රය තුළ සිදුකෙරිණි. අනතුරුව එම පෙරහැර ත්‍රීකුණාමලය නගරයේ ගණදෙවි කෝවිල වෙත වීථි සංචාරය කිරීමෙන් අනතුරුව නාවික තටාකාංගණයේ වාර්ෂික ගණදෙවි පූජාව සහ පෙරහැර මංගල්‍යය සාර්ථකව නිමාවට පත්විය.
තවද, මෙම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති රියර් අද්මිරාල් වරුණ ෆර්ඩිනැන්ඩස් ඇතුළු එම විධානයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන් මෙන්ම ප්‍රදේශවාසී හින්දු බැතිමතුන් පිරිසක්ද සහභාගී වී සිටියහ.