නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුර තෝරාගත් හොඳම ව්‍යවසායකයින්ට නේවාසික පුහුණුවක්

    සැප්තැම්බර් 09, 2024

    අනුරාධපුර දිස්ත්‍රික් ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු වැඩසටහනක් කළාවැව ජලජිවි වගා සංවර්ධන ආයතනයේ දි, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජින් විමලසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා ආරම්භ විය. 

    ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු වැඩසටහන සඳහා අනුරාධපුර දිස්‍ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස  22 කම ආවරණය වන පරිදි 125 දෙනෙකු අතරින් වැඩිම ලකුණු ලබා ගත් ව්‍යවසායකයින් 30 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණි.

    මොවුන්  සඳහා දින 12 ක නේවාසික පුහුණුවක් හා දින 4 ක ව්‍යාපාර සැලසුම් කිරිමේ පුහුණුවක් ලබා දිමට නියමිත යි. දිස්ත්‍රික්කයක් වශයෙන් ගත්කල මෙම ව්‍යවසායකයින් 30 දෙනා කුඩා පිරිසක් සේ පෙනුන ද  දිස්‍ත්‍රික්කයේ හොදම ව්‍යවසායකයින් පිරිසක් ලෙසයි මොවුන් හඳුනාගෙන තිබේ.

    අද සිටින බොහෝ ව්‍යවසායකයින් දැවන්ත ව්‍යාපාරිකයින් බවට පත්ව ඇත්තේ මෙම ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු වැඩසටහන ඔස්සේ බව අනුරාධපුර දිස්ත්‍රික් කුඩාව්‍යාපාර සහකාර අධ්‍යක්ෂ ජී.ආර්.යු.කේ. ගමගේ මහත්මිය සදහන් කළාය.

    මෙහි දී අදහස් දැක්වූ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජින් විමලසුරිය මහතා;

    “මෙවන් වු තරුණ ව්‍යවසායකයින් පිරිසක් එකවර මෙලෙස දැකිමත් සතුටට කරුණක්,  ඔබ මේ රටට ණය නැති පිරිසක්, මන්ද ව්‍යවසායකයා යනු අභියෝගභාර ගන්නා පිරිසකි, රැකියා බිහිකරන අයයි. මේ නිසා ඉගනගැනිම කිසිදු දිනක අත්නොහරින ලෙස අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසුරිය මහතා මෙහි දී  සදහන් කළේ ය. එසේම අද ලොකයේ සන්නිවේදන, තාක්ෂණය දියුණු මට්ටමක පවති යි. එසේ හෙයින් යමක් අධ්‍යයනය කිරිමට නිර්මාණශිලිව යමක් කිරිමට දැනුම ලබා ගැනිම පහසු වෙයි. ව්‍යාපාරිකයෙකු කිසිදු දිනක සැහීමකට පත් නොවේ. ලොව හොදම ව්‍යාපාරිකයා ද තවත් දියුණු විමට කැමැත්තක් දක්වයි. එහෙත් ව්‍යාපාර ජිවිතය හා සමාන්‍ය ජිවිතය පටලවා නොගත යුතුයි. ලෝකයේ අනෙක් රටවල ජනගහනයේ ප්‍රතිශතයක්ව ගත්කල අපේ රටේ ව්‍යවසායකත්වය පිළිබද කනගාටු දායක තත්වයක් ඇත. වියට්නාමයේ  18% ක්, බංගලාදේශයේ 11% ක් හා තායිලන්තයේ 27%ක් වශයෙන් ව්‍යවසායකත්වය පවතී.  ලංකාවේ එම අගයන් 2.6% ක් වෙයි. මේ නිසා අධ්‍යයනය නවත්වන්න එපා. හිණිපෙත්ත කියා තැනක් නෑ. රටේ අනාගතය තිරණය වන්නේ ව්‍යවසායකත්වය තුලින්. එසේම මේ සදහා තරුණ පිරිස් එකතුවිම වඩාත් හොදයි. මේ සදහා මගපෙන්විමක් ලබා දිම මගේ වගකිමක්” යනුවෙනි.

    මේ සදහා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි  ව්‍යවසායකයාට අවශ්‍ය සියලුම කටයුතු නවින තාක්ෂණය සමගින් එමක ස්ථානයකින් සිදුකර ගැනිමට පහසුකම් සලසා ඇත. මේ සදහා One Stop shop කාර්යාලය ඡන්ද කටයුතු අවසන් වූ වහාම විවෘත කරන බවත් දිසා ලේකම්වරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

    මෙම වැඩ සටහන සදහා සම්පත් දායකත්වය සපයන්නේ ජ්‍යෙෂ්ඨ ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු නිලධාරී එස්.එන්.ජයරත්න, ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු නිලධාරීන් වන එම්.රූපසිංහ හා බී.එච්. එම්.ඒ. සදමාලි යන මහත්ම මහත්මින් විසිනි.

    ආරම්භක අවස්තාව සදහා අනුරාධපුර දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ සුගත් නයනානන්ද, කළාවැව ජලජිවි වගා සංවර්ධන ආයතනයේ ප්‍රධානී ජලජීවි විද්‍යාඥ රාජසිංහ යන මහත්වරු සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya