සැප්තැම්බර් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්

    සැප්තැම්බර් 08, 2024

    මධ්‍යම බෙංගාල  බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය උතුරු දෙසට බරව වයඹ දෙසට ගමන් කරමින් අද දිනය තුළ වයඹ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධන වීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධිවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

    ඉන්පසු එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කර උතුරු ඔඩිෂා වෙරළ දෙසට ළඟා වනු ඇතැයි බලාපොරොත්තු වන බවත්, උතුරු අක්ෂාංශ 10 ත් 20 ත් සහ නැගෙනහිර දේශාංශ 83 ත් 93 ත් අත‍ර මුහුදු ප්‍රදේශ වල ඉතා තද සුළං සමඟින් තද වැසි පැවතිය හැකි බැවින් මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවත් එම නිවේදනයේ දැක්වේ.

    එම නිවේදනය මෙසේය.

    WWO2024090801S page 001

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya