TARANG SHAKTHIගුවන් සටන් අභ්‍යාසයෙහි පළමු අදියර 2024 අගෝස්තු 6 සිට 14 දක්වා ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ Sulur ගුවන් හමුදා ස්ථානයේ දී සාර්ථකව පැවැත්වු අතර දෙවන සහ අවසාන අදියර රාජස්ථානයේ Jodhpur ගුවන් හමුදා කඳවුරේදී 2024 සැප්තැම්බර් 14 පවත්වන ලදි . මෙම දැවැන්ත අභ්‍යාසයේ සෑම අදියරකටම සක්‍රීයව සහභාගී වු ගුවන් යානා අතරට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බීච්ක්‍රාෆ්ට් ගුවන් යානය ද දායකත්වය දක්වන ලදි
ගෝලීය ආරක්ෂක සහයෝගීතාවය වර්ධනය කිරිමේ අරමුණු ඇතිව ඉන්දියාව විසින් මෙතෙක් පවත්වන ලද විශාලතම ජාත්‍යන්තර ගුවන් අභ්‍යාසය වන TARANG SHAKTHI අභ්‍යාසය සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහභාගී වීම තුලින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඉන්දියාව සහ අනෙකුත් ජාත්‍යන්තර හමුදා සබඳතා ශක්තිමත් කරගැනිමේ අවස්ථාව උදාවු අතර මෙම අභ්‍යාසය සඳහා බීච්ක්‍රාෆ්ට් ගුවන් යානය සම්බන්ධ වීම ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් නියමුවන් හට මෙන්ම ගුවන් භටයින් සඳහා ද අත්දැකිම් ලබාගැනිමේ අවස්ථාවක් උදාවන ලදි .