සැප්තැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වියට්නාම් ජනරජයේ 79 වැනි ඡන්ම දිනය සැමරේ

    සැප්තැම්බර් 04, 2024

    වියට්නාම් ජනරජයේ 79 වැනි ඡන්ම දිනය සැමරීමේ උත්සවයක් පසුගියදා (02) කොළඹ දී පැවැත්විණි.

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජය වෙනුවෙන් ජනාධිපතිවරයාගේ සුබ පැතුම් පණිවුඩය ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා විසින් ප්‍රකාශ කරන ලදී.
    වියට්නාමයේ 79 වැනි ජාතික දිනය සැමරීමට එක්ව සිටි මොහොතේ ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවාසි ජනතාවගේ හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රමුඛ ශ්‍රී ලංකා රජයේත් උණුසුම් සුබ පැතුම් වියට්නාම් ජනරජයට පුද කිරීමට ලැබීම තමාට ඉමහත් ගෞරවයක් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
    දෙරටෙහිම කාලීනව පවතින බෞද්ධාගමික සබදතාවය තුළින් ගෝලීය බෞද්ධ එකමුතුවක් ඇති කිරීම උදෙසා අපගේ අන්නෝන්‍ය කැපවීම ඉස්මතුකර ඇති බවද පෙන්වාදුන් අමාත්‍යවරයා දෙරට අතර ද්විපාර්ශවික සබඳතා අන්නෝන්‍ය ගෞරවය සහ හවුල් සබඳතා ක්‍රමානුකූලව වර්ධනය වී ඇති බවද පෙන්වා දුන්නේය.
    වියට්නාමයේ විශේෂයෙන්ම ඇගලුම් ක්ෂේත්‍රය තුළ හා ශ්‍රී ලංකාවේ ආයෝජන මගින් රැකියා අවස්ථා 15000කට අධික සංඛ්‍යාවක් නිර්මාණය වී ඇති බව පෙන්වාදුන් අමාත්‍යවරයා වියට්නාම ධීවර කර්මාන්තය හා අප රටේ ධීවර කර්මාන්තය අතර විශාල සබදතාවයක් ගොඩනැගී ඇති බවද පැවසීය.
    වර්තමාන වියට්නාම තානාපතිණි TRINH THI TAM මැතිණිය හා ඇයගේ කණ්ඩායම දෙරට අතර සම්බන්ධතාවය වර්ධනය කිරීම සදහා දරන්නා වු වෑයම ශ්‍රී ලංකා රජය වෙනුවෙන් තමා ඉතා අගය කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya