සැප්තැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තැපැල් ඡන්දය සලකුණු කිරීම අද ඇරඹෙයි - මෙවර පිළිගත හැකි තැපැල් ඡන්ද පත්‍රිකා ගණන 712319කි

    සැප්තැම්බර් 04, 2024

    2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම අද (04) ඇරඹී හෙට සහ අනිද්දා (05 සහ 06) දිනවල ද සිදු කෙරෙන අතර මෙවර ඉදිරිපත් වී ඇති පිළිගත හැකි මුළු තැපැල් ඡන්ද පත්‍රිකා ගණන 712319ක් බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

    අද (04) තැපැල් ඡන්දය සලකුණු කිරීම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල සහ පොලිසිය සඳහා වෙන් කර ඇතැයිද, සැප්තැම්බර් 11 සහ 12 අමතර දින කලින් ඡන්දය දීමට නොහැකි වූවන් සඳහා වෙන් කර ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
    මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් තැපැල් ඡන්ද අයදුම්පත් 27195ක්ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 52486ක්, කලුතර 37361ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 41436ක් ද, මාතර දිස්ත්‍රික්කයෙන් 30882ක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 22167ක්ද වශයෙන් පිළිගත් තැපැල් ඡන්ද අයදුම්පත් ප්‍රමාණයක් ඉදිරිපත් වී ඇත.
    තැපැල් ඡන්දය සඳහා සහභාගී වී තම ඡන්දය ප්‍රකාශ කරන ලෙස සියලුම සුදුසුකම් ඇති ඡන්දදායකයින්ගෙන් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya