මෙම කණ්ඩායම මෙම මස 04 වන දින ඊශ්‍රායලය බලා යාමට නියමිතයි.
ඒ අනුව අගොස්තු මස 04 වැනිදා ශ්‍රී ලංකාවෙන් ඊශ්‍රායලය බලා පිටත් වීමට නියමිත මෙම කණ්ඩායම සමග මෙම වසරේ දී 693 දෙනෙකු ඊශ්‍රායලයේ සාත්තු සේවය සඳහා පිටත්ව ගොස් තිබේ.
සමස්ත ව්‍යාපෘතියට අදාළව 1,527 දෙනෙකු සාත්තු සේවය සඳහා මේ වන විට ඊශ්‍රායලය බලා පිටත්ව ගොස් ඇත.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති හිල්මි අසීස් මහතා ඇතුළු කාර්යාංශයේ නිලධාරීහූ සහභාගි වූහ.