ලංකාව තුළ ප්‍රථම වරට ජාතික උරුම ස්ථානයක් ආශ්‍රිතව ගිලන් රථ සේවයක් මෙහිදී ආරම්භ කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතියේ දෙවන පියවර ලෙස දෙමෝදර දුම්රිය ස්ථානය ආශ්‍රිතවද සංචාරක කළමනාකරණ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට යෝජනා වී ඇත.
මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ සංචාරක කේන්ද්‍රස්ථාන මෙවැනි ව්‍යාපෘති මඟින් සංවර්ධනය කර සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීමට කටයුතු කිරීම පිළිබඳව ස්තූතිය පළ කරන බවයි. එකල මෙම නිර්මාණ ඉංජිනේරු ක්ෂේත්‍රයේ තුළ ඉහල ඇගයීමට ලක්වු බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා මෙම ව්‍යාපෘති සිදු කිරීමේදී ස්වාභාවික පරිසරයේ පැවැත්ම සහ ස්ථිරභාවය ආරක්ෂා වන පරිදි සහ අනාගත පරපුරේ උරුමය පිළිබඳවද සැලකිල්ලක් දක්වන්නැයි ද අවධාරණය කළේය.
මධ්‍යම සංස්කෘතික අරමුදල වෙනුවෙන් අධ්‍යක්ෂ ජනරාල් ගාමිණී රණසිංහ මහතා සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී එස්.එස් මුදලිගේ මහතා මෙම ගිවිසුම සඳහා අත්සන් තබන ලදී.
බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් රංජිත් රූබසිංහ, බුද්ධ ශාසන අමාත්‍යාංශ ලේකම් එච්.එම්.පී.බී හේරත් හා අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.