1959 දී ලංකා - ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය ආරම්භ කිරීමෙන් ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාවට වෘත්තීය පාඨමාලා තුළින් ප්රතිලාභ රැසක් ලබා දීම පිළිබඳ ව අග්‍රාමාත්‍යවරයා මෙහිදී ජර්මනියට ස්තූතිය පළ කළේ ය.
වර්තමාන ගෝලීය අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් ආයතනය වැඩිදියුණු කිරීම සඳහා නව තාක්ෂණය හඳුන්වාදීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළ අතර සහයෝගය සහ විශේෂඥ දැනුම ලබා දීම පිළිබඳ ව සලකා බලන ලෙස ජර්මනියෙන් ඉල්ලා සිටියේය.
ජර්මානු විශේෂඥ දැනුම සහ තාක්ෂණික දැනුම ලබාදීමේ හැකියාව ගවේෂණය කිරීමට තානාපතිවරයා එකඟ විය. සංචාරක, ගුවන් සේවා, ආර්ථික සහ සංස්කෘතික ක්ෂේත්රවල ද්විපාර්ශ්වික සහයෝගීතාව තව දුරටත් පුළුල් කිරීමේ ක්‍රම සහ විධි පිළිබඳ මෙම සාකච්ඡාවලදී වැඩි අවධානයක් යොමු කෙරිණි.
2024 අගෝස්තු 3 වන දින අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමට නියමිත 'Das Buddhistische Haus in Berlin' (බර්ලින් බෞද්ධ මධ්‍යස්ථානය, ජර්මනිය) පිහිටුවීමේ 100 වැනි සංවත්සර උත්සවයට සහභාගි වන ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් කරන ලද ආරාධනය තානාපතිවරයා විසින් පිළිගනු ලැබීය.
එහි දී, 'Das Buddhistische Haus in Berlin - Frohnau, Germany, (1924-2024)' යන මාතෘකාවෙන් යුත් පොතක් සහ 100 වැනි සංවත්සරය සනිටුහන් කරමින් විශේෂ තැපැල් මුද්දරයක් එළිදැක්වීමට නියමිතය.
පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක සහ ජර්මානු තානාපති කාර්යාලයේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනී ක්‍රිස්ටිනා ෆොස්ටර්(Christina Foetster) මෙම අවස්ථාවට එක් ව සිටියහ.