රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (30)පැවති කැබිනට් තීරණ දනුම්දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙම ජාත්‍යන්තර බෞද්ධ සම්මන්ත්රණ ශාලාව පසුගිය කාලයේ ඊට බලපෑ බාහිර හේතූන් මත ඉදිකිරීම් නිම කර ක්‍රියාකාරී තත්වයට පත් කිරීමට නොහැකි වූ බව පවසන අමාත්‍යවරයා මේ සඳහා සිදු කළ යුතුව පවතින අත්‍යවශ්‍ය ඉදිකිරීම් කටයුතු සඳහා ඉදිරි වසරේ ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කර ඇති බව හෙතෙම සඳහන් කළේය.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය , අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඒකාබද්ධ යෝජනාවක් ලෙස මෙය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබේ.