නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත සංශෝධනය කෙරේ

    ජූලි 30, 2024

    පාරිභෝගික ජනතාවට වඩා හොඳ කාර්යක්‍ෂම සේවාවක් සැපයීම සඳහාත්, සාධාරණ ගාස්තු ක්‍රමයක් සැපයීමට නිර්දේශ කිරීම සඳහාත් 1991 අංක 37 දරණ ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත සංශෝධනය කිරීමට පියවර ගන්නා බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

    මේ වන විට නීති කෙටුම්පත් සම්පාදක විසින් පනත් කෙටුම්පතක් සකස් කර ඇති අතර, ඒ සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ද ඒ සඳහා ලැබී තිබේ.

    ජාතික ගමනාගමන කොමිෂන් සභාවට බස්ගාස්තු සහ අනිකුත් පොදු ප්‍රවාහන සඳහා බලයක් ප්‍රවාහන කොමිසමට බලය තිබෙන බවත්, ත්‍රිරෝද රථ, පාසල් වෑන් රථ, කාර්යාල වාහන යනාදියේ ගාස්තු නියම කිරීමට ප්‍රවාහන කොමිසමට බලයක් නොමැති බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේය.

    ඒ අනුව, පාරිභෝගික ජනතාවට වඩා හොඳ කාර්යක්‍ෂම සේවාවක් සැපයීම සඳහාත් සාධාරණ ප්‍රවාහන ගාස්තු ක්‍රමයක් සැපයීමට නිර්දේශ කිරීම සඳහාත් ත්‍රිරෝද රථ, පාසල් වෑන් රථ, කාර්යාල වාහන යනාදියත්, ගොඩබිම් ප්‍රවාහනයත් යන ප්‍රවාහන මාධ්‍ය නියාමනය කිරීමේ බලය ජාතික ගමනාගමන කොමිෂන් සභාවට ලබා දීමට ඉදිරිපත් කළ යෝජනාවට 2022-09-22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමිව තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya