ඔක්තෝබර් මාසය වන විට පොදු ප්‍රවාහනයට සහ වාණිජ කටයුතු සඳහා වන රථ වාහන ආරම්භ කිරීමට හැකි වනු ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
රථ වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම ලිහිල් කිරීමට අදාළ වාර්තාව අගෝස්තු මාසයේ දී එළි දැක්වීමට මූදල් අමාත්‍යාංශය කටයුතු කරන අතර එමගින් ඉදිරි මාර්ග සැලසුම අනාවරණ වනු ඇති බව හෙතෙම පෙන්වා දෙයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් අනුව ගෙවුම් ශේෂ පරතරය සහ විදේශ සංචිත වෙත බලපෑමක් ඇති නොවන පරිදි අදාළ ආනයනය කටයුතු යළි ආරම්භ කිරීමට සූදානම් බවට අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.