සැප්තැම්බර් 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ වරාය පිවිසුම් අධිවේගී ගුවන් මාර්ග ව්‍යාපෘතිය පිළිබඳ තාක්ෂණික සමුළුවක්

    ජූලි 26, 2024

    "Elevating Colombo connectivity to prosperity " යන තේමාව ඔස්සේ කොළඹ වරාය පිවිසුම් අධිවේගී ගුවන් මාර්ග ව්‍යාපෘතිය පිළිබඳ තාක්ෂණික සමුළුව ඊයේ (26) පැවැත්විණි. 

    මේ සඳහා ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එක් විය.

    ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුළ ක්‍රියාත්මක වූ අති දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් වන මෙම ව්‍යාපෘතිය මෙරට සමාජයේ ආර්ථික සංවර්ධනය උදෙසා වැදගත් වන ආකාරය පිළිබඳව මෙන්ම ව්‍යාපෘතිය උදෙසා භාවිතා කළ අති නවීන තාක්ෂණික ක්‍රමවේදයන් පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු විය.

    ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි, ජාතික ආරක්ෂාව පිළිබඳව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කළ අතර වරාය පිවිසුම් අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් භාරව කටයුතු කළ චීන සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් සමාගමේ (CCECC) සභාපති ලියු වෙයිමින් (Liu Weimin) මහතා සමුළුව වෙනුවෙන්ම මෙරටට පැමිණ තිබීම ද විශේෂත්වයකි.

    ව්‍යාපෘතිය සඳහා ණය ආධාර සපයන ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට අධ්‍යක්ෂ ටකාෆුමි කඩෝනෝ (Takafumi Kadono) මහතා ද වැඩසටහනේ විශේෂ දේශනයක් සිදු කළේය.

    ඉන් අනතුරුව පැවති විද්වත් කමිටු සාකච්ඡාව ආචාර්ය චමෝද් හෙට්ටිආරච්චි මහතා විසින් මෙහෙයවන ලද අතර කමිටුවේ විද්වත් සාමාජිකයින් වශයෙන් අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු රංජිත් ගංගානත් රූබසිංහ මහතා, ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු කේ.ඩබ්ලිව් කණ්ඩම්බි මහතා, ඉංජිනේරු ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා සහ මහාචාර්ය කුෂාන් විජේසුන්දර මහතා එක්විය.

    මෙරට ඉදිකිරීම් හා ඉංජිනේරු ක්ෂේත්‍රයේ වර්තමාන සහ අනාගත සංවර්ධනය සහ ප්‍රගමනය උදෙසා වන විවිධ අදහස් යෝජනා සහ පවතින ගැටලු රැසක් පිළිබඳ මෙම විද්වත් කමිටු සාකච්ඡාවේ දී විශේෂ අවධානය යොමු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya