නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාරම්පරික වෛද්‍ය උරුමයක් වන අත් බෙහෙත් ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළක්

    ජූලි 26, 2024

    නීරෝගී සම්පන්න ජනතාවක් උදෙසා පාරම්පරික වෛද්‍ය උරුමයක් වන අත් බෙහෙත් ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළක් සහ කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) පැවැත්විණ.

    දේශීය වෙදකමේ වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ දේශන මෙන්ම නීරෝගී සම්පන්න ජීවිතයකට අත්‍යවශ්‍ය උපදෙස් හා මගපෙන්වීමත් අත් බෙහෙත් භාවිතයේ වැදගත්කම පිළිබඳව මෙහිදී ජනතාව දැනුවත් කිරීම සිදුවිය.

    බෝවන හා බෝනොවන රෝගවලින් ජනතාව ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මෙම පුළුල් වැඩපිළිවෙළක් දීප ව්‍යාප්තව මේවන විට ක්‍රියාවට නංවා ඇත.

    ජනතාවගේ නීරෝගී සුවය උදෙසා මෙම වැඩපිළිවෙළ කැලණිය ආයුර්වේද සංරක්ෂණ සභාවේ දායකත්වයෙන් ක්‍රියාවට නැංවීය .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya