නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැලණියේ ජනතාවගේ ගැටලු නිරාකරණයට සාකච්ඡාක්

    ජූලි 25, 2024

    කැලණියේ ජනතාවට ඇතිවී ඇති ගැටලු රැසක් නිරාකරණය සම්බන්ධයෙන් ඊයේ (24) දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවති කැලණිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී සකච්ඡාවක් පැවැත්විණි.

    එහිදී එම ජනතාව මුහුණදී තිබෙන අධ්‍යාපන, ප්‍රවාහන, මහාමාර්ග, සෞඛ්‍ය , ක්‍රීඩා, ආරක්ෂක ඇතුළු ක්ෂේත්‍ර ගණනාව පැනනැගී ඇති ප්‍රශ්න, ගැටලු නිරාකරණය පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර ඒ පිළිබඳ විධිමත් තීන්දු, තීරණ රැසකට එළඹීම මෙහිදී සිදු විය.

    2024 වර්ෂයේ විමධ්‍යගත ප්‍රතිපාදන සහ පළාත් ප්‍රතිපාදන මත කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක වැඩසටහන්වල ප්‍රගති සමාලෝචනයක්ද මෙම සාකච්ඡාවේදී සිදුකෙරිණි.

    එම අවස්ථාවට කැලණිය ප්‍රාදේශීය ලේකම් නදීශානි අමරසිංහ මහත්මිය, පළාත් පාලන ආයතනයන්හි ලේකම්වරුන්, රාජ්‍ය ආයතන නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya