නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‘USS Michael Murphy’ නෞකාව කොළඹ වරායේ නිල සංචාරයක

    ජූලි 24, 2024

    ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Michael Murphy’ නෞකාවනිල සංචාරයක් සඳහා ඊයේ (23) කොළඹ වරායට පැමිණි අතර, එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගැනීම ශ්‍රී ලංකා නාවික හමුදාව සිදු කළේය.

    මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Arleigh Burke class of guided missile destroyers වර්ගයට අයත් ‘USS Michael Murphy’ නෞකාව, දිගින් මීටර් එකසිය පනස් පහක් (155) හා නැව් මුළුව තුන්සීය විසි තුනක ගෙන් (323) සමත්විත වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස Commander Jonathan B. Greenwald කටයුතු කරනු ලබයි.   

    එමෙන්ම, ‘USS Michael Murphy’ නෞකාවේ අණදෙන නිලධාරී Commander Jonathan B. Greenwald සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ අතර නිල හමුවක් ඊයේ බටහිර නාවික විධාන මූලස්ථානයේදී පැවැත්වුනු අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුකෙරිණි. 

    තවද, ‘USS Michael Murphy’ නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුලදී එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට නියමිත අතර, ‘USS Michael Murphy’ නෞකාව 2024 ජුලි 26 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.    

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya