නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු දුම්රිය මාර්ගයේ සංවර්ධන කටයුතු තවත් දෙමසකින් පමණ ප්‍රමාද වන බැවින් මගීන්ට සිදුවන අපහසුතා වැලැක්වීම සඳහා පොසොන් පොහොයට විශේෂ බස්රථ සේවාවක්

    මැයි 28, 2024

    උතුරු දුම්රිය මාර්ගයේ සංවර්ධන කටයුතු තවත් දෙමසකින් පමණ ප්‍රමාද වන බැවින්  මගීන්ට සිදුවන අපහසුතා වැලැක්වීම සඳහා  පොසොන් පොහොයට විශේෂ බස්රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    අමත්‍යවරයා මේ බව පැවසුවේ අද(28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිණි.

    වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, පොසොන් පොහොය නිමිති කරගෙන දුම්රියෙන් ගමන් කළ මගීන්ට වඩා වැඩි ප්‍රමාණයක් මගීන්ට ගමන් කල හැකි පරිදි මෙම බස්රථ සේවාව ක්‍රියාත්මක කරන බවයි.ඒ අනුව පොසොන් පොහොය දිනය, සහ ඊට පෙර සහ පසු දින කිහිපයේදී  මෙම බස්රථ සේවාව ක්‍රියාත්මක කෙරේ.  මේ සම්බන්ධයෙන් අටමස්ථාන හිමියන් දැනුම්වත් කළ බවද කීය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය,

    මෑත භාගයේ වැඩිම ආයෝජනයක් සිදුකර තිබෙන ව්‍යාපෘතිය වන්නේ උතුරු දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතියයි. බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයෙන් පසු ප්‍රථම වරට අනුරාධපුර සිට ඕමන්ත දක්වා උතුරු දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම නවීකරණය කර අවසන් කොට තිබෙනවා. මහව සිට අනුරාධපුර දක්වා කොටසේද නවීකරණ කටයුතු ආරම්භ කර තිබෙනවා. එළඹෙන පොසොන් පෝයට පෙර එම කොටස විවෘත කිරීමට  බලාපොරොත්තු වුවත්, වර්ෂාව ,දේශගුණික විපර්යාස  සහ අපේක්ෂිත ප්‍රමාණයට වඩා වැඩි පිරිවැයක් දැරීමට සිදු වීම නිසා එය තවත් මාස 02ක් පමණ ප්‍රමාද  වෙන බව ඉංජිනේරුවරු දැනුම් දී තිබෙනවා.

    ඒ අනුව යාපනයේ සිට කොළඹ දක්වා ගමන් කිරීමට ගතවන කාලය පැය පහ හමාරක් දක්වා අඩු කිරීමට හැකි වනු ඇති. ඒ අනුව උතුරු දුම්රිය මාර්ගය ලංකාවේ දුම්රිය මාර්ග අතරින් සම්පූර්ණයෙන්ම නවීකරණය කර අවසන් කළ, ඉදිරි වසර පනහක් පමණ දක්වා නැවත ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය නොවන දුම්රිය මාර්ගය බවට පත් වනු  ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya