“සොබා චලන සිතුවම්” කෙටි චිත්‍රපට තරඟාවලිය හා “සොබා සේයා” පාරිසරික ඡායාරූප තරඟාවලිය ලෙසින් මෙය කර තිබේ.එසේම මෙවර ජගත් පරිසර දිනයේ තේමාව වි ඇත්තේ, “ඵලදායි භූමි පරිසරයේ සුවදායී දෙරණක් ” යන්නයි.
මෙහිදි කෙටි චිත්‍රපට තරඟාවලිය සදහා ඕනෑම තේමාවක් යටතේ උපරිම විනාඩි 05ක සිංහල ,දෙමළ හා ඉංග්‍රිසි යන ඕනෑම මාධ්‍යයක් ඔස්සේ නිර්මාණ කලහැකි බවත්, සිංහල,දෙමළ භාෂාවෙන් සිදු කරන නිර්මාණ සදහා ඉංශ්‍රිසි උපසිරැසි ගැන්විය යුතු වේ.එසේම ප්‍රන්බන්ධ, වාර්තාමය හා සජිවිකරණ අංශ තුනකින් සමන්විත වේ.
එසේම සොබා දහම කලාත්මකව දකිමු යන තේමාව ඔස්සේ ඡායාරුප තරඟාවලිය පැවතවෙන අතර නම, ලිපිනය, දුරකතන අංක හා උපන්දිනය සමඟ ඔබ ලගා ගත් ඡායාරූප This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් තැපැලට යොමු කල හැක. වර්ණ හා කළු සුදු මාධ්‍යයෙන් ඩිජිටල් ඡායාපරූපවල මුල් පිටපත JPG හෝ JPGs ආකාතියෙන් ඉදිරිපත් කල යුතු වේ.ඡායාරූප අවම වශයෙන් පික්සල් 1000 ක්වත් වියයුතු වේ.
මේ සදහා නිර්මාණ භාර ගැනීමේ අවසන් දිනය 2024.07.31 දින වන අතර තරඟ කොන්දේසි හා වැඩි විස්තර සදහා www.evn.gov.lk යන අමාත්‍යාංශ වෙඩ් අඩවියෙන් හා ෆේස්බුක් පිටුවෙන් මගින් හෝ 0112034175 යන දුරකතන අංශයෙන් ලබා ගත හැක.