මේ පිළිබඳ සොයාබැලීම සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්. එම්. චාල්ස් මහත්මිය මෙම කාන්තාවන් දෙදෙනා සිටි ස්ථානය වෙත ගොස් ඔවුන්ගේ ගැටළුව කුමක්දැයි විමසා සිටි අතර, එහිදී ඔවුන්ගේ ගැටළුව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතු බව සඳහන් කර තිබේ. ඉන් අනතුරුව උතුරු පළාත් ආණ්ඩුකාරතුමිය මේ බව දැනුම්දීමෙන් පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විරෝධතාව පැවති ස්ථානයට ගොස් ඔවුන්ගේ ගැටළුවට සවන් දීමට කටයුතු කළේය.
මෙහිදී එම කාන්තාවන් ජනාධිපතිවරයා වෙත පෙන්වා දී තිබෙන්නේ තමන් ඇතුළු කේප්පාපිලවු ග්‍රාමයේ පදිංචි පවුල් 56ක් ඉඩම් ගැටළුවක් හේතුවෙන් දැඩි පීඩාවකට පත්ව සිටින බැවින් එය කඩිනමින් විසඳීමට කටයුතු කර දෙන ලෙසයි.
මීට ප්‍රතිචාර දක්වමින් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේ අදාළ ගැටළුව පිළිබඳ සොයාබලා කඩිනමින් විසඳීමට වගකිව යුතු අංශ දැනුවත් කරන බවයි. එසේම උතුරු පළාත තුළ රජය සතුව පවතින ඉඩම් විශාල ප්‍රමාණයක් නිදහස් කිරීමට දැනටමත් කටයුතු කර ඇති බවත්, තවදුරටත් විසඳීමට තිබෙන ඉඩම් ගැටළු කඩිනමින් විසඳීම තම අපේක්ෂාව බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.
ගැටළුවට සවන් දී විසඳුම් ලබාදීම සඳහා තමන් වෙත පැමිණීම පිළිබඳ විරෝධතාවට එක්ව සිටි කාන්තාවන් ජනාධිපතිවරයා වෙත සිය සතුට පළ කර සිටියහ.