ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඊශ්‍රායලයේ රැකියා සදහා අවශ්‍ය වන්නේ අභියෝග භාරගත හැකි - තමන්ට ලබාදෙන ඉලක්කය ඉක්මවා වැඩ කළ හැකි ශක්තිමත් තරුණයින්

    මැයි 25, 2024

    ඊශ්‍රායලයේ රැකියා සදහා අවශ්‍ය වන්නේ අභියෝග භාරගත හැකි, තමන්ට ලබාදෙන ඉලක්කය ඉක්මවා යමින් වැඩ කළ හැකි, ලංකාවේ නම රදවන්න පුළුවන් ශක්තිමත් තරුණ පරපුරක් මිස එක එක කාලකන්නි පටු දේශපාලඥයින්ගේ උවමනාව අනුව උද්ඝෝෂණ කරන අය නොවන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

    ඊශ්‍රායලයේ කෘෂි රැකියා සදහා ගොස් නැවත පැමිණෙන ශ්‍රමිකයින් කෘෂි ව්‍යවසායකයින් බවට පත් කිරීම සදහා කටයුතු කරන බවද, ඊශ්‍රායලයේ කෘෂි සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සදහා සුදුසුකම් ලැබූ ශ්‍රමිකයින් සදහා උමන්දාව විශ්ව බෞද්ධ ගම්මානයේදී ලබාදෙන පුහුණු වැඩසටහනේ දෙවැනි අදියරේ සමාරම්භක උත්සවයට සහභාගීවෙමින් අමාත්‍යවරයා ඊයේ (24) පැවසුවේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේද පැවසුවේය.

    “වැස්ස එනකොටම සාමාන්‍යයෙන් අපිට ගීත මතක් වෙනවා. මගේ ඔළුවට ආවේ ‘අව්වට වැස්සට හුරු මිනිසුන්නේ – ඔබගේ විරියෙනි රටවල් නැගුණේ’ කියන එක. ඒ සින්දුව එනකොටම ආපහු මතක් වෙන කොටසක් වන්නේ ‘ඔබලගෙ මළගම වෙනුවෙන් මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුණේ’ කියලා. අර හොඳ අදහස දීලා ඒකත් එක්කම අවසානේ වෛරය හදලා තියෙනවා එතනත්. සින්දුව හොඳට ලියවිලා තියෙනවා – අව්වට වැස්සට හුරු මිනිසුන්නේ, නුඹලගෙ විරියෙනි දාගැබ් හැදුනේ, වැව් හැදුනේ – කියන එක. ‘උඹලගේ හයියෙනි තව රටවල් ඉස්සරහට යන්න ඕනි කියන එක නැතුව වෛරයක් හදලා, වැඩ කරන එකට හයියක් නෙවෙයි දුන්නේ. වැඩ කරන එක ආපස්සට හැරෙව්වා. අපේ රට ආපස්සට යන්න හේතු මේවත් වෙන්න ඇති කියලා මට හිතුනා. ඒ කියන්නේ අපි රටක් විදිහට වැඩ කරන මිනිස්සු, වැඩ කරන මිනිස්සුන්ගේ ජවය, තවත් ඉස්සරහට අරගෙන රට දියුණු කරන්න පාවිච්චි නොකර හැම වෙලාවේම පාවිච්චි කළේ වෛරය, ක්‍රෝධය.

    සමහරු දැන් ඊශ්‍රායලටත් ගිහින් උද්ඝෝෂණ කරලා මේ අපට තියෙන අවස්ථා නැති කරන්න උත්සාහ ගන්නවා. හාමුදුරුවෝ මතක් කරනකොටම කිව්වා, මේ රටේ කොළඹ වරාය හදනකොටම වරාය හදන්න නොදී සහෝදරවරු උද්ඝෝෂණ කරන්න පටන්ගත්තා. ඒ උද්ඝෝෂණවල ප්‍රතිඵල හැටියටයි සිංගප්පූරුවේ වරාය ගොඩනැගුණේ. සිංගප්පූරුවේ වරාය හදලා ලී ක්වාන්යූ මහතා ලංකාව දෙස බලලා කියනවා ‘ලංකාවේ වමේ ව්‍යාපාරයට අපි ස්තුතිවන්ත වෙනවා, අපිට වරායක් හදන්න පුළුවන් වුණේ ලංකාව නිසා’ කියලා. ලංකාවේ මිනිස්සු වරාය හදන්න දුන්නා නම් මේ මුහුදු ගමන් මාර්ගයේ ඉතා වැදගත්ම ස්ථානය තමයි ලංකාව. පෙරදිගින් අපරදිගින් දෙන්ම එන නැව් හුවමාරු වෙන්න තියෙන මධ්‍යස්ථානය ලංකාව. සිංගප්පූරුව තියෙන්නේ වෙන පැත්තක. එහෙම තියෙන තැනක රටේ වරාය ගොඩ නගන්න, දුන්නේ නෑ. ඒකයි ලී ක්වාන් යූ එදා අපිට ස්තුතිවන්ත වුණේ. අපි රටක් හැටියට 75 අවුරුද්දකට බැන බැන ඉන්නවනේ. හැබැයි අපි මතක් කරලා බැලුවොත් 1965 විතර ඉඳලම අපි නිදහස අරගෙන, පොඩි දවසකට පස්සේ ඔය නෑ බෑ කියන, වැඩ කරන්න දෙන්නේ නැති, එපා එපා කියලා කියන, උද්ඝෝෂණ කරන අය වැඩ පටන්ගත්තා. එදා ඉඳලා තමයි අපේ ගොවිජන ව්‍යාපාර පටන්ගන්න කොට, ඒ ගොවි ජනපද ව්‍යාපාර ආරම්භ වෙලා, මිණිපේ පැති ගොඩනගනකොට විරුද්ධ වෙලා කෑගහන්න පටන්ගත්තේ. ඕවයේ ගොවි ජනපද ව්‍යාපාර පටන්ගන්න එපා, පොල් ගෙඩි වගේ මදුරුවො ඉන්නව, මැලේරියා හැදිලා අපේ මිනිස්සු මැරෙයි කියමින් අපිට කෘෂිකර්මාන්තය හදනකොටම එදා විරුද්ධ වුණා. දිගින් දිගටම හැම කර්මාන්තයක්ම මේ රටට එන්න හදනකොටම විරුද්ධ වුණා. ලංකාවට ව්‍යාපාර, ආයෝජන එන්න හදනකොටම විරුද්ධ වුණා. එහෙම කරලා තමයි මේ රට දියුණු නොවෙන්න හේතු වුණේ. හැම තිස්සෙම වැරදි මත හැදුවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya