ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැනක් දෙමින් නාවික හමුදාව සම්බුදු තෙමඟුල සමරයි

    මැයි 25, 2024

    වෙසක් උත්සවය නිමිත්තෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් සහ මඟ පෙන්වීම යටතේශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සෑම නාවික විධානයක්ම ආවරණය වන පරිදි බෞද්ධාගමික වැඩසටහන් මාලාවක් ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැනක් දෙමින් සංවිධානය කෙරුණු අතරමාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන රාජ්‍ය වෙසක් මහෝත්සවයබෞද්ධාලෝක වෙසක් කලාපයබුද්ධ රශ්මී වෙසක් කලාපය,  දියත උයන වෙසක් කලාපයමහර කඩවත වෙසක් කලාපය සහ කොල්ලුපිටිය වාළුකාරාමය වෙසක් කලාපය සඳහා ද නාවික හමුදාව බැති සිතින් දායකත්වය දැක්වීම සිදුකෙරිණි.

    ඒ අනුව නාවික හමුදාව විසින්කොළඹ හුණුපිටිය ගංගාරම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන බුද්ධ රශ්මී වෙසක් කලාපය තුළ සියළුම නාවික විධානයන් නියෝජනය කරමින් නිර්මාණය කරන ලද විචිත්‍රවත් පහන් කූඩූ  ප්‍රදර්ශනය කිරීමගංගාරාම විහාරස්ථානය ඉදිරිපිට බේරේ වැවෙහි සහ ෂැංග්‍රිලා හෝටලය පිටුපස කොටසෙහි යාත්‍රා මත සිට භක්ති ගීත ගායනා ඉදිරිපත් කිරීම සහ මාතලේධර්මරාජ පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන රාජ්‍ය වෙසක් මහෝත්සවය සඳහා විදුලි ආලෝක සැරසිලි ආදිය සඳහානාවික හමුදාව දායකත්වය ලබාදීම සිදුකෙරිණි.

    එමෙන්මසම්බුදු තෙමඟුල නිමිත්තෙන් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ගාලු මුවදොර ප්‍රදේශයේ සංවිධානය කරනු ලබන බෞද්ධාගමික වැඩසටහන් සඳහාද නාවික හමුදාවේ දායකත්වය ලබාදීම සිදුකෙරෙන අතරඑම වැඩසටහන් සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya