දිවයිනේ ප්රදේශ රැසක පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්රික්ක 07 ක් සදහා හෙට (26) පස්වරු 04 දක්වා නාය යෑමේ අනතුරු ඇඟවීමේ අවදානම් නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (25 ) සවස නිකුත් කරනු ලැබ තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇති එම නිවේදනයට අනුව කොළඹ, ගම්පහ, කලුතර, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්රික්ක වලට මෙම නායයෑමේ අනතුරු ඇඟවීම නිකුත් කරනු ලැබ තිබේ.