ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වතු සේවක වැටුප් වැඩිවීම ස්ථිරයි

    මැයි 25, 2024

    වතු සේවකයින්ගේ වැටුප් වැඩිවීමේ යෝජිත ගැසට් පත්‍රයට අමතරව ක්‍රියාත්මක ගැසට් පත්‍රය 21 වනදා නිකුත් වූ බවත් , ඒ අනුව එදින සිටම ක්‍රියාත්මක වන පරිදි වතු සේවකයන්ගේ මූලික වැටුප රුපියල් 1350 දක්වාත් , විශේෂ දීමනාවක් ලෙස ලබාදෙන රුපියල් 350 ක මුදල සමඟ රුපියල් 1700 කින් වතු සේවක වැටුප ඉහළ නැංවීම ස්ථිර වශයෙන්ම ක්‍රියාත්මක කරන බවත් වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.


    දැරණියගල - දංගම්පල ප්‍රදේශයේදී අද දහවල් පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නයකට පිලිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. රජය සතු වැවිලි ඉඩම් බදු ගත් වැවිලි සමාගම් 24 ක් පමණ ඇති බවත් , ඒ අතරින් යම් අයෙකු මෙම වැඩිකළ මුදල ගෙවීමට නොහැකි බව පවසන්නේ නම් මුදල් අමාත්‍යාංශය විසින් ඒ බව සොයා බැලීමට කමිටුවක් පත් කරන බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.1995 වසරේ පටන් වතු බදු ගත් කණ්ඩායමකට මෙවැනි වැටුපක් ගෙවා ගැනීමට නොහැකි නම් ඊට හේතුව භාහිර ගැටළුද නොඑසේ නම් එය ඔවුන්ගේ අභ්‍යන්තර ගැටළු නිසාද යන්න සොයා බැලීම මෙම කමිටුව මගින් මූලිකව සිදුවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
    ඒ අනුව වතු සේවකයන්ට ජීවත්වීමට හැකි පරිදි වැඩිකළ වැටුප ගෙවා ගැනීමට නොහැකි වීම ඔවුන්ගේ අභ්‍යන්තර ගැටළුවක් නම් එම සමාගම් සමඟ ඇති බදු ගිවිසුම් අහෝසි කර නව ආයෝජකයින්ට මෙම වතු ලබාදීමට රජය සූදානමින් සිටින බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ. මෙහිදී එම වතු නව ආයෝජකයන්ට ලබාදීම විශේෂ විනිවදභාවයෙන් යුතුව පමණක් සිදු කරන බවත් , විශේෂයෙන් එහිදී අපනයනය මුල් කරගත් , සේවක සුභසාධනය , යටිතල පහසුකම්, නව තාක්ෂණය යොදා ගැනීම ආදී කරුණු පිලිබඳව සැලකිලිමත් වී කටයුතු කළ හැකි නව කණ්ඩායමකට ඉතාමත්ම තරඟකාරී ක්‍රමවේදයක් යටතේ නව බදු දීම් සිදුකරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya