මෙම විභාගය සඳහා අයදුම්කරුවන් 3580 පිරිසක් ඉදිරිපත් වී තිබුණු අතර ඉන් සමත් සංඛ්‍යාව මුළු පිරිසෙන් සියයට 95.6 කි. මෙම විභාගයේ ප්‍රතිඵල මැයි මස 27 වන දින www.slbfe.lk වෙබ් අඩවියේ පළ කරනු ලබන අතර විභාගය සමත් වූ අයදුම්කරුවන්සඳහා වෛද්‍ය පරීක්ෂණ මැයි මස 28 වන දින ආරම්භ වේ.
එසේම විභාගය සමත් අයදුම්කරුවන් සඳහාඅදාළ සම්මුඛ පරීක්ෂණ ජුනි මස 06, 07 හා 10 යන දිනයන්හි කාර්යාංශයේ පළාත් කාර්යාල, විගමනික සම්පත් මධ්‍යස්ථාන හා පුහුණු මධ්‍යස්ථානයන්හිදී සිදු කෙරේ.