ජූනි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙම වසරේදී නියමිත පරිදි ජනාධිපතිවරණය පැවැත්වෙනවා

    මැයි 23, 2024

    ආණ්ඩුකම ව්‍යවස්ථාවට අනුව මේ වසරේදී ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවත් එම නියමිත කාල සීමාවේදීම ජනාධිපතිවරණය පැවැත්වෙන බවත් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. අද(23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවය එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    ජනාධිපතිවරණය වෙනුවට පාර්ලිමේන්තු  මැතිවරණයක් පවත්වන බව කියමින්  විවිධ මාධ්‍ය හරහා  රට තුළ විශාල අවුලක් ඇති කිරීමට ඇතැම් පාර්ශව උත්සාහ දරන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙම වර්ෂයේදී පැහැදිළිවම ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු වෙනවා. පසුගිය අයවැයෙන් ඒ සඳහා බිලියන 10ක මුදලක් වෙන් කර තිබෙනවා යනුවෙන් ද අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya