ජූනි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට පුරා විදුලිය බිඳ වැටීම් රැසක් - එම බිඳ වැටීම් යථා තත්වයට පත් කිරීම වෙනුවෙන් අමතර සේවා පිරිස්

    මැයි 23, 2024
    සුගිය දින 3 තුල විදුලිය බිඳ වැටීම් 36,900කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර එමගින් විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 3කට වැඩි පිරිසකට විදුලිය ඇනහිට ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය වාර්තා කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා නිකුත් කල x පණිවුඩයක සටහන් වේ.
     
    එම බිඳ වැටීම් යථා තත්වයට පත් කිරීම වෙනුවෙන් මේ වන විටත් අමතර සේවා පිරිස් යොදවා ඇති අතර විදුලිබල මණ්ඩලයේ පාලන අධිකාරිය සහ සේවා නිලධාරීන් පැය 24 පුරා එම කටයුතු වල නිරත වන බවද එම x පණිවුඩයේ සටහන් වේ. 
     
    විදුලි බිඳ වැටීම් පිළිබඳව දැනුවත්  කිරිමට ඇති 1987 අංකයට සම්බන්ද වීමට නොහැකි පාරිභෝගිකයන්ට SMS සේවය මගින් 1987ට BD සමග විදුලි පාරිභෝගික අංකය මගින් බිඳ වැටීම් දැනුවත් කිරීමටත් CEB Care යෙදුම මගින් හෝ cebcare.ceb.lk වෙබ් පිටුටව පිවිස දැනුවත් කල හැකි බවද එහි වැඩි දුරටත් සටහන් කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya