ජූනි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වතු කම්කරුවන් සඳහා වැටුප් ගෙවීම සම්බන්ධයෙන් සොයා බලා කරුණු ඉදිරිපත් කිරීම සඳහා විශේෂ කමිටුවක්

    මැයි 23, 2024

    වතු කම්කරු වැටුප් සම්බන්ධයෙන්  සොයා බලා, වාර්තාවක් ලබා දීම සඳහා  ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටු කිහිපයක්  පත් කළ බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. අද(23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    අපනයන කෘෂිකර්මාන්තය ආරක්ෂා කර ගැනීමටත් ඒ සඳහා දායක වන වතු කම්කරුවනගේ ජීවන තත්වය ඉහළ නැංවීමටත් වතු සමාගම් සහ වතු කම්කරුවන් යන දෙපාර්ශවය අතර එකගතාවයක් තිබිය යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    වතු කම්කරුවන්ගේ වැටුප් ගෙවීමේදී ඇති වී තිබෙන ගැටලුව සම්බන්ධයෙන් ඊයේ පැවති කැබිනට් හමුවේදී දීර්ග වශයෙන් සාකච්ඡා වූ බවද ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,

    කාවිඩ් ත  වසංගතය සහ ආර්ථික අර්බුදයෙන් පසු රට තුළ භාණ්ඩ මිල විශාල ලෙස ඉහළ ගිය බවත් , මෙලෙස ජීවන වියදම ඉහළ යාම නිසා  රජය විසින් රාජ්‍ය සේවකයින්ට වරින් වර වැටප් වැඩි වීම් සිදු කළා .නමුත්පෞද්ගලික අංශයේ සහ වතු කම්කරුවන්ගේ වැටුප් වර්ධනයක් සිදු වුණේ නැහැ. මේ සම්බන්ධයෙන් වෘත්තීය සමිති වරින් වර ඉල්ලීම් කළ අතර ඒ සම්බන්ධයෙන් රජය අවධානය යොමු කළා.  ඒ අනුව වතු කම්කරුවන් සඳහා දෛනික වැඩුප් වැඩි කිරීමක් මෑතදී රජය විසින් ප්‍රකාශයට පත් කළද,  ඒ සඳහා ඇතැම් වතු සමාගම් විසින් එම වැඩි කරන ලද වැටුප ගෙවිය නොහැකි බවට රජය වෙත නියෝජනයන් ඉදිරිපත් කර ඇත. එම තත්ත්වය සැලකිල්ලට ගෙන පහත සඳහන් පියවරයන් ගැනිම පිණිස ජනාධිපතිතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත  කර තිබෙනවා.

     මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය විසින් වර්තමාන ජීවන වියදම සහ මෑතදී ඇති වූ ආර්ථික අර්බුදයේ බලපෑම් සැලකිල්ලට ගනිමින් වතු කම්කරුවෙකු වෙත ගෙවිය යුතු අවම වැටුප ඇස්තමේන්තු කිරිම.

     එලෙස ඇස්තමේන්තු කරන ලද වැටුප ගෙවීම සම්බන්ධයෙන් එක් එක් වතු සමාගම සතුව පවතින හැකියාව පරික්ෂා කර බැලීම පිණිස කමිටුවක් පත් කිරීම.

     එමෙන්ම , කිසියම් වතු සමාගමක් අයහපත් කළමනාකරණය හේතුවෙන් වැටුප් ගෙවීමට අපොහොසත් වන්නේ නම්, එවැනි වතු සමාගම් සමඟ එළඹ ඇති ඉඩම් බදු ගිවිසුම් අවලංගු කිරීමට හැකි වන පරිදි නීති හඳුන්වා දීම සඳහා අවශ්‍ය පියවර ගැනීම.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya