ජූනි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ධර්ම දේශනාවක්

    මැයි 22, 2024

    වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් විශේෂ ධර්ම දේශනාවක් ඊයේ (21)  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සුබ සාධක සංගමය විසින් ධර්ම දේශනාව සංවිධානය  කර තිබුණි.

    මෙම ධර්ම දේශනාව සදහා  ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය  නුගේගොඩ සභද්‍රරාම විද්‍යායතන පිරිවනේ ආචාර්ය  විවිත්‍ර ධර්ම කථික ශ්‍රාස්තපති දියගම නාරද ස්වාමින් වහන්සේ  වැඩම කල අතර උන්වහන්සේගේ ධර්ම දේශනාව සඳහා අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් බැති සිතින් සහභාගී විය.

    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා විසින්  උන්වහන්සේව වැඩම කරවූ අතර ආගමික චාරිත්‍රානුකූලව ධර්ම දේශනාව පවත්වන ලෙසට උන්වහන්සේට ආරාධනා කළේය.

    මෙම අවස්ථාවට  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ  ජ්‍යෙෂ්ඨ නිලධාරීන්,  ජනමාධ්‍ය අමාත්‍යංශයේ කාර්ය මණ්ඩලය ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya