ජූනි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාමෙන් නැවත කිසිම අවස්ථාවක ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදු නොවේ - රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

    මැයි 22, 2024

    රජය සිදුකරගෙන යන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමෙන් නැවත කිසිම අවස්ථාවක ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදු නොවන බව වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද(22) පාර්ලිමේන්තුවේදී පැවසීය.විපක්ෂය විසින් ගෙනා සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.


    නමුත් විපක්ෂය විසින් විවිධ අවිනිෂ්චිතතා ගොඩනගමින් එම ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල තවදුරටත් ප්‍රමාද කිරීමට උත්සාහ කරන බවද හෙතෙම පැවසීය.
    වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ,
    බැඳුම්කර හිමියන්ද මෙම වැඩපිළිවෙළ අවසන් කිරීමේ දැඩි වුවමනාවක් තිබෙනවා. නමුත් අවිනිශ්චිතතා සහ සැකයන් ගොඩ නගමින් එම එකගතා ප්‍රමාද කිරීමට විපක්ෂය උත්සාහ කරනවා.
    අපි ජනාධිපතිවරණයක් අභියස ඉන්නේ. මෙම වසර 02ක කාලයක් තිස්සේ ජනතාවට තිබූ බරපතල අර්බුධ සමනය කර තිබෙන අවස්ථාවක, 2022 වර්ෂයේ රට තිබූ තත්වයට නැවත අරගෙන යාමට ඇතැම් දේශපාලන පක්ෂ උත්සාහ කරනවා.
    2020 වර්ෂයේදී පැවති රජය බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීම මෙම ආර්ථික අර්බුදය ඇති වීමට බල පෑ ප්‍රධාන කාර්යයක් බව විපක්ෂය විසින් චෝදනා කරනවා. නමුත් එදා ඒ හරහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න ඔින කියපු විපක්ෂය, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යටතේ මේ රට ස්ථාවර කරන්න අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන විට, රටත් හැටියට හිස ඔසවන විට විවිධ ප්‍රකාශ සිදු කරනවා.
    සමගි ජනබලවේගය කියනවා බදු ප්‍රතිශතය 24% දක්වා අඩු කරන බව.නමුත්, මෙය ක්‍රියාත්මක කළොත් නැවතත් අපේ රට පෝළිම් යුගයක් කරා යනවා. 2023 වර්ෂයේදී අපි රුපියල් බිලියන 3870ක් ඇස්තමේන්තු ගත කර තිබෙනවා. සමස්ථ ආදායම ( Total revenue)රුපියල් බිලියන 4127ක්.මේ වන විට අපි බදු ආදායමෙන් රුපියල් බිලියන 1040ක් එකතු කරගෙන තිබෙනවා. සමස්ථ ආදායමෙන් රුපියල් 1522ක් එකතු කරගෙන තිබෙනවා.
    ටැක්ස් එක 24% දක්වා අඩු කළොත් දළ වශයෙන් අපිට රුපියල් බිලියන 140ක ප්‍රමාණයක් අහිමි වෙනවා.
    අපි බලාපොරොත්තු වෙන්නේ pay e tax එකෙන් රුපියල් බිලියන 160ක්. නමුත් සමගි ජන බල වේගය කියන විදියට බදු ප්‍රතිශතය 24% දක්වා අඩු කිරීමෙන් පේ ඊ ටැක්ස් එකේ 25%ක ප්‍රමාණයක් රජයට අහිමි වෙනවා. අපේ රටේ දළ ජාතික නිෂ්ාපදනයෙන් 10% ප්‍රමණයක් කපා හැරීමට සූදානම් බව විපක්ෂය කියනවා. ඔය කියන ලෙස කටයුතු කළොත් නැවත පෝළිම් යුගයකට ගමන් කරනවා. ගෝඨාභය රාජපක්ෂ යුගයේ පැවති බදු ප්‍රතිපත්තියට නැවත ඔවුන් ගමන් කිරීමට යෝජනා කරනවා. මෙය නැවත රට ආපස්සට ගමන් කිරීමක්
    කියන්නේ එකක් . කරන්නේ එකක්. මේ අපරාධය කරන්න එපා. නැවත බැට කන යුගයකට මේ රට මෙහෙයවන්න එපා. ඒ සඳහා තමයි මෙම පනත් දෙක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නෙ. කාට හරි පුළුවන් නම් මෙයට විරුද්ධ වෙන්න ඒ අය නැවත මේ රට පෝළිම් යුගයකට තල්ලු කරන කණ්ඩායමක්
    ජනතා විමුක්ති පෙරමුණ කියනවා ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය ධනවාදීද සමාජවාදීද කියල කියන්න බැහැ කියලා. මොකක්ද මේ යෝජනා කරන්නේ. ආණ්ඩුවක් ගන්න හදන මේ අයගේ ආර්ථිකය මොඩලය කුමක්ද?මේ හැම දෙනෙක්ම ජනාධිපතිවරයාගේ ආර්ථික ප්‍රතිපත්තියට විරුද්ධ වෙලා තිබෙන්නේ මේ රට අද නිවැරදි ආර්ථික ගමනකට ඇවිත් තිබෙනවා.
    අවිනිශ්චිත භාවයක් නිර්මාණය කිරීමෙන් එහි වින්දිතයා බවට පත් වන්නේ අහිංසක ජනතාව.

    අපට ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් විශාල විශ්වාසයක් තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලබා දුන් පොරොන්දුව දශමයක් වෙනස් නොකර රජය ආරක්ෂා කර තිබෙනවා. අපි ප්‍රතිපත්තිමය වශයෙන් ණය හිමියන් වූ ඉන්දියාව,ජපානය , ප්‍රංශය වැනි රටවල් සමග ප්‍රතිපත්තිමය එකගතාවයකට ඇවිත් තිබෙනවා.
    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බලාපොරොත්තු වන අවබෝධතා ගිවිසුම් වලට එළඹිය හැකියි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya