ජූනි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත ඉදිිරිපත් කිරීම ඓතිහාසික තීන්දුවක් - දශක දෙකක් තිස්සේ ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමක්

    මැයි 22, 2024

    රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත ඉදිරි කිරීමට ලැබීම ඓතිහාසික ජයග්‍රහණයක් බවත්, 76ක නිදහස් ශ්‍රී ලංකාවේ මූල්‍ය පිළිබඳ රජයක් ගත් අතිශය වැදගත් තීන්දුවක් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන දශක දෙකක තිස්සේ ශ්‍රී ලංකාවෙන් කළ ඉල්ලීමක් ඉටු කිරීමක් ලෙස හැඳින්විය හැකි බවයි. භාණ්ඩාගාර ලේකම්වරයාට පැවරී ඇති බලතල මෙම කෙටුම්පත මගින් පැහැදිලි ලෙස නිර්වචනය කරන බව අමාත්‍යවරයා පැවසීය. ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා ලෙස භාණ්ඩාගාර ලේකම්වරයාට ඇති බලතල නිසි පරිදි නිර්වචනය නොවී තිබීම ඇති වූ අර්බුදකාරී තත්ත්වයන්ට හේතු වූ බව ද හෙතෙම පෙන්වා දුන්නේ ය. මීට අමතරව වත්කම් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා ජනතාවට අයිතියි ලැබීම ද අදාළ පනත මගින් සිදු වන බවයි සියඹලාපිටිය මහතා කියා සිටියේය. විපක්ෂය ඉල්ලා සිටින පරිදි මෙරට විධිමත් මූල්‍ය කළමනාකරණයක් ඇති කිරීමට වෙනත් ආණ්ඩු පත් වීමට අවශ්‍ය නොමැති බව අවධාරණය කළ සියඹලාපිටිය මහතා සඳහන් කළේ එම වගකීම ද රජයක් ලෙස ඉටු කිරීමට සූදානම් බව මෙම කෙටුම්පත් ඉදිරිපත් කිරීම මගින් තහවුරු වන බවයි. පාර්ලිමේන්තු කල් තැබිමේ විවාදයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

    මේ අතර සීනි බදු වංචාව හේතුවෙන් අහිමි වූ බදු ආදායමෙන් රුපියල් මිලියන 500ක් පමණ ආදායම් බදු ලෙස අය කර ගැනීමට මේ වන විට හැකි වී ඇති බව අමාත්‍යවරයා මෙහි දී අනාවරණ කළේ ය. සීනි බදු වංචව මගින් රුපියල් බිලියන 17ක් පමණ රජයට අහිමි වි ඇතැයි අනාවරණ වූ අතර අහිමි වූ අතර සීනි ආනයන සමාගම්වල ආදායම් බද්දෙන් එම මුදලෙන් යම් කොටසක් අයකර ගැනීමට අවශ්‍ය පියවර ගැණිනි. මේ පිළිබඳ සවිස්තර වාර්තාවක් කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya